පහත දක්වා තිබෙන්නේ මැලේසියාව තුළ සංක්‍රමික ශ්‍රමිකයන් බඳවා ගැනීම හා ඔවුන්ගේ රැකවරණය ස්ථාපිත කිරීම (මව් රටින් පිටවීමට පෙර ලබා ගත යුතු පුහුණුව, රක්ෂණ ආවරණ වැනි) සඳහා බලපවත්වන නීති සම්පාදන හා නිති පැනවිම් ගැන හැඳින්වීමකි. 

 

සේවකයන් සඳහා වන්දි ගෙවීම (විදෙස් ජාතික සේවකයන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේද), රක්ෂණය සඳහා වූ වසර 2005 පනත : (PU (A) 45/05) 2005, මෙම පනතේ විධානය අනුව විදෙස් ජාතික සේවකයෙකුගේ මරණයේදී හෝ අනතුරකට / හිංසාවකට පත්වීමේදී ගෙවිය යුතු වන්දි මුදල (ලබා දෙන වරප්‍රසාදවල මූල්‍ය වටිනාකමක් ලෙස) දක්වා තිබේ. 

 

කම්කරු ආඥාපනත සහ මැලේසියානු සංක්‍රමණ අරමුදල පදනම නීති ප්‍රකාර 1966/නො. S3 1983: මෙමගින් සේවා දායකයෙකු විසින් සංක්‍රමික ශ්‍රමිකයන් බඳවා ගැනීමට බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී ලියාපදිංචි වීම සඳහා ඉදිරිපත් කළයුතු තොරතුරු අන්තර්ගත පෝරමය වෙනස් කොට ඇත. වර්තමානයේදී මෙම පෝරමය මගින් සේවයට බඳවා ගන්නා සංඛ්‍යාව, නේවාසික පහසුකම්, වේතන මට්ටම් ආදී කරුණු ලබා ගැනේ. 

 

සේවක නියුක්ති (සීමා කිරීම්) පනත 1968 (පනත 353) 1968 (1988 සංශෝධනය), මෙම පනත මගින් සේවා නියුක්තිය සඳහා බලපත්‍රය ලබා ගැනීම, ලියාපදිංචි වීම මැලේසියානු පුරවැසියන් නොවන අය සඳහා ඇති සීමා කිරීම් ආදී කරුණු දක්වා තිබේ. සංශෝධිත නිල පනත 1968. 

 

ආගමන පනත 1959 /63 (පනත 155), මැලේසියාව වෙත ආගමන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ අංශ මත බලපාන රෙගුලාසි අඩංගු වේ. මෙය කොටස් 6කින් සමන්විත වන අතර 1- කොටස මූලික නියමයන් හා කොන්දේසි ද 2- රට තුළට පිළිගැනීම හා රටින් බැහැරවී යාමට අදාළ රෙගුලාසි ද 4- මැලේසියාවට පැමිණේමේදී පිළිපැදිය යුතු ක්‍රම පටිපාටියද, 6- කොටස වෙනත් විවිධ වූ නියමයන් ද අන්තර්ගතයි.