නීති ප්‍රකාරව රැකියා ඒජන්සි ආයතන ලියාපදිංචි බලපත්‍රලාභීන් විය යුතු නමුත් කූඨ අක්‍රමික ලෙස ව්‍යාපාර පවත්වාගෙන යාම සුලභය. රැකියා ඒජන්සි ආයතනය මගින් ශ්‍රමිකයන් සේවාවේ යෙදවීම වසර 1995 දී තහනම් කෙරුණද මෙම තහනම නැවත ඉවත් කිරීමට හේතුවක් වූයේ මෙසේ ආයතන මගින් ශ්‍රමිකයන් නොකඩවා බඳවා ගැනීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරගෙන යෑමයි. 

 

2005 වසරේ ඇති වූ ප්‍රතිපත්තියක් ලෙසින් විශාල ලෙසින් සේවා බැහැරින් ලබා ගන්නා ක්‍රමවේදය සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය. මෙම ප්‍රතිපත්ති හඳුන්වා දීමත් සමඟම යම් ආයතනය සේවාව සඳහා 50කට අඩු සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට අවශ්‍ය වූ විටෙක එම ආයතනයට එම ශ්‍රමිකයින් ඔවුන්ගේ මව් රටවලින් සෘජුවම සපයා ගැනීමට හෝ බැහැරින් සේවා සපයන සමාගමක් තුළින් එම ශ්‍රමිකයින් සපයා ගැනීමට අවකාශ සැළසිනි. ශ්‍රමිකයින් සැපයීමේ ක්‍රියාදාමය වඩා කාර්යක්ෂම හා නම්‍යතාවයකින් යුක්ත කිරීම අරඹයා මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දුන් නමුදු මෙම ප්‍රතිපත්තිය පාලනය කිරීමේ රජය තුළ ඇති හැකියාව අභිබවනය කරමින් අක්‍රමිකතා මතු වුනි. විශේෂයෙන්ම අයකරන ගාස්තු සම්බන්ධව ඇති වුන මෙම අක්‍රමිකතා හේතුවෙන් රජය විසින් බැහැරින් සේවා සපයන ආයතන වෙත බලපත්‍ර නිකුත් කිරීම නතර කරන ලදී. වසර 2013 සිට ක්‍රමයෙන් මෙම බැහැරින් සේවා සපයන ආයතන ක්‍රමවේදය තුරන් විය. 

 

11 වන මැලේසියානු සැළැස්ම මගින් සනාථ කරන පරිදි මානව සම්පත් කළමනාකරණය සඳහා වු අමාත්‍යාංශය සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පූර්ණ අධිකාරිත්වය දරයි. බැහැරින් සේවා සපයන ආයතන හා සෙසු අතරමැදියන්ගේ මැදිහත්වීම මෙම කටයුතු වලින් සම්පූර්ණ වශයෙන්ම මුක්ත කොට ඇති අතර 2021 වසර වන විට දැනට බැහැරින් සේවා සපයන ආයතනවල බලපත්‍ර ද අවලංගු වන බව දැක්වේ. 

 

තිරසාර රැකියා අවස්ථා නොදීමත්, නේවාසික පහසුකම් අදාළ ප්‍රමිති තත්ත්වවලට නොසැපයීමත්, ගමනා ගමනය සඳහා නිදහස් වාතාවරණය නොලබා දීමත්, නෛතික රාමුව තුළ නිර්දේශිත අවම වැටුප් ලබා නොදීම, මෙම බැහැරින් සේවා සපයන ආයතන සම්බන්ධයෙන් ඇති අඩුපාඩු ලෙස දැක්වේ. 

 

රක්ෂණාවරණය සහ සෞඛ්‍ය පහසුකම් සංක්‍රමික ශ්‍රමිකයන් හට ප්‍රධාන ගැටළුවකි. වසර 2012 සිට සෑම විදේශ ජාතිකයෙකුම රෝහල් සැත් වෙදකම් රක්ෂණාවරණයත් ලබා ගත යුතු අතර එහි ගාස්තුව සේවා දායකයා හෝ සේවකයා විසින් දැරිය යුතුය. ස්ව ජාතිකයන් හට ලිහිල් නීතිමය/රෙගුලාසිමය තත්ත්ව අදාළ වේ. ඔවුන් හට කම්කරු රැකවරණ වැඩ කළ යුතු කාල සීමාවන් නිවාඩු දින සහන විවේක දින, වාර්ෂික නිවාඩු, ලෙඩ නිවාඩු, අවම වේතන සමාජ ආරක්ෂණ රැකවරණ වැනි දෑ ද සම්බන්ධයෙන් රෙගුලාසි අදාළ නොවේ. මෑතකදී සිදු කල කම්කරු ප්‍රතිපත්ති සංශෝධන මගින් සංක්‍රමික ශ්‍රමිකයින්ගේ ආදායම් තත්ත්වය වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කෙරේ. විදෙස් ජාතික ශ්‍රමිකයින්ගේ වේතන කපා හැරීමට ඇති හැකියාව අහෝසි කිරීමද මෙම තත්ත්වයට මඟ පාදා දී ඇත. 

 

මැලේසියාව තුළ සේවක අයිතීන් හට ඇති පිළිගැනීම ගැන වැඩි විස්තර ITUC ලෝක අයිතිවාසිකම් දර්ශකය වෙත මෙතනින් පිවිසෙන්න.