වර්ෂය

නීති සම්පාදනය/නීති පැනවීම

හැඳින්වීම

1963

බහරේන් පුරවැසි භාවය සඳහා පනත

මෙම පනත මගින් පුරවැසි භාවය ප්‍රදානය කිරීම හා අහෝසි කිරීම සම්බන්ධ නියමයන් දැක්වේ. 

1965

පිටස්තර පිරිස් රට තුළට ආගමනය හා පදිංචිවීම උදෙසා බලපවත්වන නීති ආඥාව

මෙම ආඥා පනත මගින් බහරේන් රාජ්‍යය වෙත ආගමනය වීම සහ එහි පදිංචි වීම සම්බන්ධයෙන් විවිධ විධාන පනවා ඇත. කුමන කොන්දේසි වලට යටත්ව රට තුළ විසිය යුතුද යන්න දක්වයි. නේවාසික/පදිංචි බලපත්‍ර ලබා ගන්නා ක්‍රමවේදය ද දක්වයි. පිටස්තර රටවලින් පැමිණෙන පිරිස් බහරේන් රාජ්‍යය තුළ සේවය කිරීම අනුමත කරන අධිකාරිය එම රටේ කම්කරු දෙපාර්තමේන්තුව බවත් එමෙන්ම නිවාඩු ලබා දීම, රට තුළ විසීමට හෝ ආගමන කටයුතු සම්බන්ධයෙන් අභියාචනා ආදිය සැළකීම, පිටස්තරයින් කුමන හේතු මත රටින් පිටුවහල් කළ යුතුද යන්න විවිධ වරදවල් සඳහා දඩ දඬුවම් ආදිය පැනවීම වැනි කරුණු ද ඒවාට අදාළ වෙනත් නියමන ද දක්වා තිබේ.

1976

අමරි ආඥාව නීති අංක 26

මෙම නෛතික ආඥාව සමාජ ආරක්ෂණ නීතියේ 38 සහ 139 වන පරිච්ඡේදයන් සංශෝධනය කරයි.

1977

අමරි ආඥාව නීති අංක 12

මෙම නෛතික ආඥාව විජාතිකයන්ට අදාළ වූ සමාජ ආරක්ෂණ නීති වල සමහරක් නියමයන් අත්හිටුවීම ස්ථාපනය කරයි.

1978

අමාත්‍යාංශ ආඥාව අංක 21 (රක්ෂණය)

බහරේන් රාජ්‍යය තුළ ජීවත් වන පිරිස් හට පිටරටකදී ගෙවනු ලබන විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ වරප්‍රසාදය උදෙසා කුමන කරුණු සම්පූර්ණ වියයුතුද යන්න දක්වයි. මෙම කරුණු සමාජීය ආරක්ෂණය සඳහා වූ සංවිධානය මගින් කරනු ලබන ගෙවීම් සඳහා ද අදාළ වේ.

1984 

අමරි ආඥාව නීති අංක 04

මෙම ආඥාව මගින් අමරි ආඥාව අංක 03 (1983) හි දැක්වෙන සමහරක් නියමයන් සංශෝධනය කෙරේ. එහි අන්තර්ගතය අදාළ වන්නේ ගල්ෆ් කලාපයේ සහයෝගිතා කවුන්සලය (GCC) සාමාජික රටවල පුරවැසියන් සඳහායි.

1991

නීතිමය ආඥාව අංක 06

මෙම ආඥාව ස්වජාතික බහරේනුවන් සහ විදේශිකයන් සඳහා විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීම සම්බන්ධවයි. මෙය අදාළ වන්නේ බහරේන් ආරක්ෂක හමුදාවල සහ මහජන ආරක්ෂක හමුදාවේ සේවය කරන පිරිස් සඳහායි.

1995

ආඥා අංක 10

කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය විසින් ස්ථාපිත 1994 ආඥා අංක 09හි සංශෝධනය පිණිසයි. 

මෙම ආඥාව මගින් විදේශික සේවක පිරිස් හට ලබා දෙන රැකියා බලපත්‍රවල කාල සීමාව ඒවා ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය සහ අදාළ ගාස්තු ගැන සඳහන් වේ.

1994

කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශයේ ආඥා අංක 08 විදේශිකයන් හට රැකියා බලපත්‍ර ලබාදීමේ කොන්දේසි දක්වයි. 

මෙම ආඥාවට අමුණා ඇති පෝරමය භාවිතා කොට සේවාදායකයින් විසින් තමන් විසින් බඳවා ගැනීමට බලාපොරොත්තු වන විදේශික සේවකයන් හට රැකියා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ යුතුය. කම්කරු පරිපාලන කාර්යාලය මගින් සළකා බැලෙන මෙම ඉල්ලුම් බලපත්‍රයන්හි එම විදෙස් සේවකයා ඇත්ත වශයෙන්ම සේවය සඳහා අත්‍යාවශ්‍ය වන බවට කරුණු කාරණා දන්වා තිබිය යුතුය. බහරේන් ජාතික වැසියන් යොදවා ගත හැකි රැකියා පුරප්පාඩු පිරවීමට විදේශිකයන් හට රැකියා බලපත්‍ර නිකුත් කරනු නොලැබේ. ‛විදේශික විශේඥයින්” සේවයේ යොදවන විට ඔවුන්ගේ සහකරුවන් ලෙස බහරේන් ජාතිකයන් යොදවා ගැනීම හා ඒ අයට නිසි පුහුණුවක ලබා දීමද අවධාරණය කෙරේ.

1994

කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශ ආඥාව අංක 14

විදේශිකයන්ගේ රැකියා බලපත්‍ර දීර්ඝ නොකිරීම හා අවලංගු කිරීම හා කටයුතු ද මුක්ති කිරීම්වලට හේතු ද දක්වයි. 

හේතු ගණනාවක් මත විදේශිකයෙකුගේ රැකියා බලපත්‍රය නැවත කල් දිගු කිරීම හෝ අවලංගු කිරීම/නැවත ආපසු ගැනීම සිදුවිය හැක. අමාත්‍යාංශයේ තීරණය මත එය සිදුකරන අතර බොහෝ විට එසේ සිදු වන්නේ පහත දැක්වෙන අවස්ථාවන්හිදීය. විදේශිකයා දරණ රැකියාව බහරේන් ජාතිකයෙකු සඳහා රැකියා අවස්ථාව අහිමි කරන බව පෙනී ගිය විට, දුබල සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන විට, රජයේ “බහරේනීකරණය” වැඩ පිළිවෙලට අනුගත නොවන ලෙස සේවාදායකයාගේ ක්‍රියා කලාපය ආදිය වේ. රැකියා බලපත්‍ර ලබා ගැනීමේ මුක්ත කිරීම් සිදු වන්නේ පහත අවස්ථාවන්හිදීය. කෙටි කාලීන වැඩ සඳහා උදාහරණ ලෙස උත්සව ප්‍රදර්ශන කටයුතු, එසේනැහොත් වැඩ ධාරිතාව සපුරාගත නොහැකි සේවාදායකයාගේ වැඩ සම්පූර්ණ කිරීම සඳහා තාවකාලිකව අමතර පිරිස් යොදා ගැනීමට අවශ්‍ය වූ විටදීය. රැකියා බලපත්‍රය කල්පිරීමට ප්‍රථමයෙන් විදෙස් ජාතික සේවකයෙකු රටින් පිටවී යයි ද ඒ බව සේවා දායකයා විසින් අමාත්‍යාංශය වෙත වාර්තා කළ යුතුය.

1994 

විදේශිකයින් බහරේන් රාජ්‍යයෙන් බැහැර සිට බහරේනයේ සේවය සඳහා අතරමැදියන් යොදාගෙන සේවකයන් බඳවා ගැනීමේදී එම අතරමැදියන් හා සේවා දායකයන් විසින් සමාප්ත කෙරුණු රැකියා කොන්ත්‍රාත්තුවල ක්‍රියා පටිපාටි කොන්දේසි බලපවැත්විය යුතු අයුරු දැක්වෙන ආඥාවකි. මෙය කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශයේ ආඥාව අංක 21 ලෙස නම් කර ඇත. 

රැකියා ඒජන්සි ආයතනය හා සේවා දායකයා අතර කොන්ත්‍රාත්තුව ලිඛිතව පැවැත්විය යුතුය. මෙම කොන්ත්‍රාත්තුව මෙම ආඥාවට අමුණා ඇති ලේඛනයට අනුකූලව සපුරාලිය යුතුය. එහි ශ්‍රමිකයාගේ උපන් රට, වයස, රැකියාවේ ස්වරූපය, වේතන ආදිය දැක්විය යුතුය. අනුමත රැකියා කොන්ත්‍රාත්තුව කෙසේ තිබිය යුතු දැයි දැන ගැනීම පිණිස ආදර්ශ කොන්ත්‍රාත්තු 2ක් මෙම ආඥාවට අමුණා ඇත. ඉන් 1ක් ගෘහ සේවකයින්ට අදාළ වේ. රැකියාවේ යෙදවීම සඳහා රැකියා ඒජන්සි ආයතනය හෝ සේවා දායකයා විසින් හෝ කිසිඳු මුදලක් මෙම විදේශික ශ්‍රමිකයන්ගෙන් අයකර නොගත යුතුය. ශ්‍රමිකයන්, සේවාදායකයාගේ රැකියාවේ සියළු සුදුසුකම් හා අවශ්‍යතා සම්පූර්ණ බවට රැකියා ඒජන්සි ආයතනය වගබලා ගත යුතුයි. කම්කරුවන් ආනයනය කරන නියෝජිත ආයතන පිහිටුවීමට අදාළ බලපත්‍ර ගාස්තු මෙම පනතින් දක්වා තිබේ. මෙම ආඥාව අංක 17 ආඥාව වෙනුවට බලපවත්වයි.

1995

1994 නිකුත් කරන ලද කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශයේ අංක 14 දරණ පනතේ සමහරක් විධිවිධාන සංශෝධනය පිණිස වන ආඥා අංක 2 මෙම ආඥාව මගින් රැකියා බලපත්‍ර නැවත අළුත් කිරීමක් මඟ හැරීමේ විධිවිධාන අඩංගු වේ. විදේශික සේවකයින්ට අදාළයි.

ආඥා වේ 1 කොටස 5 වන උප කොටස  මෙමගින් සන්ශෝධන වන අතර ඒ මගින්  ප්‍රථමයෙන් මෙම රටට රැකියා බලපත්‍රය හා විසා  ලබාගත් අනුග්‍රාහක සේවාදායකයා සහ සේවකයා අතර  සම්බන්දය පාලනයට ලක්කෙර්. 

1999 

අනුග්‍රාහකයින්ගේ උපකාරය ඇතිව පිටස්තරයින් රට තුළ පදිංචිවීමට අනුමැතිය දෙන බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ඇති අංක 108 වන අමාත්‍යාංශ යෝජනාව.

මෙම යෝජනා ප්‍රකාරව විදේශිකයින් බහරේනය තුළ පදිංචියට අවසරය ලබා ගැනීමේ සපුරා ලිය යුතු අවශ්‍යතා සහ කොන්දේසි දන්වා සිටී.

2001 

අමාත්‍යාංශ ආඥාව අංක 21.

විවිධ වර්ගීකරණ වලට අයත් විදේශිකයන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමේ සම්බන්ධ කටයුතු හා බැඳි විධිවිධාන දැක්වේ.

පෙර අර්ථ දක්වා ඇති කොන්දේසි පදනම්ව සේවකයෙකු එක් සේවා දායකයෙකුගෙන් තවත් සේවාදායකයෙකු වෙත මාරු කිරීමේදී පිළිපැදිය යුතු විධිවිධාන සම්බන්ධවයි.

2004

විදේශික සේවකයන්ගේ රැකියා බලපත්‍ර අළුත් කිරීමේ ක්‍රමවේදය හා ඒ සම්බන්ධයෙන් නියමිත ගාස්තු දක්වන 1994 අංක 9 අමාත්‍යාංශ ආඥාව සංශෝධනය කිරීම පිණිස නිකුත් කරන ලද අමාත්‍යාංශ ආඥාව අංක 19.

මෙම ආඥාව තාවකාලික රැකියා බලපත්‍ර මාස 06කට වලංගු වන කල් දිගුවකට ලක් කිරීම සම්බන්ධයෙන් වන 1994 ආඥාව අංක 5 ලේඛනය සංශෝධනය කරයි.

2005

විදෙස් රටවල සේවය කරන බහරේන් ජාතිකයන්ද ඒ හා සමාන ලෙස සැළකෙන පුද්ගලයන් හට ද බලපවත්වන සමාජ රක්ෂණාවරණ සම්බන්ධයෙන් පනවා ඇති අංක 31 නීතිය.

මෙම නීතිය ප්‍රකාරව සමාජ රක්ෂාවරණය නීතියට අදාළ නොවන සේවාදායකයෙකු යටතේ රැකියාවේ යෙදෙන බහරේන් ජාතිකයන්ට එම නීති ප්‍රකාරව වරප්‍රසාද ලබා ගැනීමටත්, එසේ වරප්‍රසාද ලබා ගැනීමට සපුරාලිය යුතු කොන්දේසි (අංක 2, අංක 4 ලේඛන) දැක්වේ. මේ මගින් වයස් ගත වූවන්ගේ රක්ෂණාවරණ ද, අංගවිකලත්වය/ දුබලත්වය හා මරණයේදී (අංක 3 ලේඛනය) මෙම රක්ෂණාවරණ පහසුකම ලබා දේ. මෙම කටයුත්ත සඳහා සමාජාරක්ෂණ ගිණුමේ විශේෂ අරමුදලක් පිහිට විය යුතු අතර එම අරමුදලට දායකත්වය ලබා දිය යුතු ආකාරය සහ අරමුදලෙන් මුදල් ගෙවීම ආදී කටයුතු ගැන විධිවිධාන දැක්වේ.

2006 

ශ්‍රමික වෙළෙඳපොළ විධිමත්ව හැසිරවීම උදෙසා ස්ථාපිත නීති අංක 19.

මෙහි පළමුවන පරිච්ඡේදය මගින් ශ්‍රමික වෙළෙඳපොළ නියාමක අධිකාරිය මෙම කටයුතු පිළිබඳ පූර්ණ අධිකාරිත්වය දරණ බවට නියම කර සිටී. එම ආයතනයේ කටයුතු සහ බලතල අර්ථ දක්වා තිබේ. 2වන පරිච්ඡේදයේ බලපත්‍ර හා අනුමැතිය ලබා දෙන විධිවිධාන ද 3වන පරිච්ඡේදයේ අනෙකුත් විවිධ නියමයන්ද දක්වා තිබේ. (1976 අංක 23-2 කොටස) දරණ ආඥාව පෞද්ගලික අංශයේ කටයුතු සම්බන්ධයෙන් නීති බලපැවැත්වීම නිශ්ප්‍රභා කර ඇත.

2008 

අංක 26 ආඥාව විදේශික සේවාදායකයින් හා විදේශික ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අදාළ වන රැකියා බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ද නේවාසික පදිංචිය සඳහා අනුමැතිය ලබා ගැනීමේදී ගෙවිය යුතු මුදල් පිළිබඳ විධිවිධාන ද දැක්වෙන ආඥාවකි.

විදේශික සේවකයන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා රැකියා බලපත්‍ර නිකුත් කිරීම සඳහා ගෙවිය යුතු මුදල් දැරීම සේවා දායකයාගේ වගකීමකි. එලෙසම සෑම මසකටම ඩිනාර් 10 බැගින් එක් එක් විදේශික සේවකයෙකු සඳහා මුදලක් ගෙවිය යුතුය. මෙම ආඥාව මගින් රැකියා බලපත්‍ර ගාස්තුවද, ඇතුළුවිම් හා පිටවීම් වීසා, නේවාසිකව විසීමේ බලපත්‍රයද, වෛද්‍ය වාර්තා සහ හැඳුනුම්පත් සඳහා දැරිය යුතු ගාස්තු ද සඳහන් කරයි.

2013 

2008 නියෝග අංක 76 සමහරක් නියමයන් සංශෝධනය කරමින් ඉදිරිපත් කරන ලද නියෝග අංක 4 ගෘහ සේවකයින් හැර අන් රැකියාවල යෙදෙන විදේශිකයන් හට අදාළ වන රැකියා බලපත්‍ර නිකුත් කිරීම විධිමත්ව පාලනය සම්බන්ධයෙන් ආඥාවකි.

2008 නියෝග අංක 76 ලේඛන අංක 10 සහ ලේඛන අංක 13(B) හි සඳහන් ගෘහ සේවිකාවන් හැර අන් රැකියාවල නිරත වන විදේශික ශ්‍රමිකයන් හට අදාළ රැකියා බලපත්‍ර සම්බන්ධ විධිවිධාන මෙසේ සංශෝධනය විය. 

 

ලේඛන අංක 10: රැකියා බලපත්‍රයක් වලංගු වන්නේ විදේශික ශ්‍රමිකයා බහරේන් රාජ්‍යයට ගොඩ බැසූ දිනයේ සිට හෝ ගෙවිය යුතු මුදල ගෙවූ දිනය සිට (ඒ ඒ අවස්ථාවට අදාළවන පරිදි) වසර 2ක කාලයක් දක්වා පමණි. සේවා දායකයාගේ ඉල්ලීම පරිදි මෙම රැකියා බලපත්‍ර වසරක කාල සීමාවකට පමණක් වලංගු කළවිට ඒ සඳහා ගාස්තුව හරි අඩක් බව දක්වයි. LMRAහි අභිමතය පරිදි සේවා දායකයාගේ ඉල්ලීම මත මෙම රැකියා බලපත්‍රය තවත් 06 මසකට කල් දිගුවක් අනුමත වී ද ඒ සඳහා නියමිත ගාස්තුව අදාළ වේ. මෙසේ කල් දිගුව මුල් වසර අවසානයේදී සිදු කෙරේ. LMRA විසින් නිකුත් කර ඇති මෙම ක්‍රම පටිපාටියට අනුකූලව සේවා දායකයෙකු විසින් හෝ ඔහුගේ නිල නියෝජිතයෙකු විසින් කරන ඉල්ලීමකට  රැකියා බලපත්‍ර අළුත් කිරීමත් කල්දිගු ලබා දීමත් සිදුවේ. මෙය ලිඛිතව සාමාන්‍ය අයුරින් හෝ අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනිකව සිදු කළ හැක. මෙසේ අලුත් කරන බලපත්‍ර කල් ඉකුත් වීම සපිරෙන දිනයට දින 180කට පෙර අළුත් කළ යුතුය. මෙම අළුත් කිරීමේ ඉල්ලුම් පත්‍ර ඉල්ලා ඇති සියළු තොරතුරු සම්පූර්ණයෙන් සටහන් කර ඉල්ලා ඇති වෙනත් ලිපි ලියකියවිලි සමඟ ආඥාවේ ලේඛන අංක 2ට පූර්ණ අනුකූලත්වය හා සියළු කොන්දේසි සපුරමින් ඉදිරිපත් කළ යුතුය. 

 

ලේඛන අංක 13 B: සේවාදායකයාගේ ඉල්ලීම පරිදි හෝ රැකියා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය වන පරිදි සේවකයා සේවය හැරයාම මත රැකියා බලපත්‍රය අවලංගු කරන විට එසේ බලපත්‍රය අවලංගු කිරීමට හේතු සාධක පිළිතුරු දීමට දින 2ක කාලයක් ලැබෙන පරිදි LMRA ආයතනය විසින් සේවා දායකයා හට හෝ ඔහුගේ බලලත් නියෝජිතයෙකුට දන්වා සිටිය යුතුයි. ලද පිළිතුරු සළකා බැලීමෙන් පසුව නිකුත් කරන රැකියා බලපත්‍රය තවදුරටත් වලංගු කොට තැබීම යුතු නොවන බවට LMRA අධිකාරිය තීරණය කරයිද එම තීරණය නොපමාව සේවා දායකයා හට හෝ ඔහුගේ බලලත් නියෝජිතයාට දන්වා සිටිය යුතුයි. LMRA තීරණය ගැන යම් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එම දුක්ගැනවිල්ල LMRA ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි තැන වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම ඉදිරිපත් කිරීම අංක 33 ලේඛන ප්‍රකාරව LMRA ආයතනය විධිමත් පරිපාලනයට විධිවිධාන වලටත් නව නියමයන්ට ද අනුකූල විය යුතුය. ඉහත තීරණ දැනුවත් කිරීමත් ඒ අරබයා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සාමාන්‍ය තැපැල් සේවය මගින් හෝ ඉලෙක්ට්‍රොනික/විද්‍යුත්මය ආකාරයකින් වුවද සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත.

2013

සේවක වාර්තා සම්බන්ධයෙන් බලපවත්වන නියෝග අංක 1. 

විදේශ ශ්‍රමිකයන් සේවයේ යොදවා ගන්නා සියළු ව්‍යාපාර හිමියන්, විශේෂිත වාර්තා ගත කිරීමත්, එසේ සේවයේ යෙදෙන සේවකයින් වෙනුවෙන් කළ යුතු වන අතර, එම වාර්තා ගත තොරතුරු පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලිය යුතුය. 

 

1. සේවකයාගේ නම, ජාතිකත්වය, උපන්දිනය, සුදුසුකම්, රැකියා විස්තරය හෝ වෘත්තීය, පදිංචි ස්ථානය හා සහ අනන්‍යතාව සම්බන්ධ සියලු විස්තර 

 

2. යොදවා තිබෙන සේවාව/කළ යුතු වැඩ පිළිබඳ සියළු විස්තර 

 

3. සේවය ආරම්භයේදී බහරේන් රටට පැමිණි දිනය. 

 

4. රැකියා බලපත්‍රය වලංගු දින සීමාව 

 

5. රැකියා කොන්ත්‍රාත්තුවේ වලංගු දින සීමාව. 

 

6. එකඟ වූ වේතනය, වේතනය ගෙවන ලද ක්‍රමය, ගෙවීම් කරනු ලබන දිනය සහ සියළු මූල්‍ය වරප්‍රසාද හා දීමනාද මූල්‍ය නොවන සියළු පහසුකම් පිළිබඳ විස්තර 

 

7. අදාළ විදේශික ශ්‍රමිකයා එම වෘත්තියෙහි නියැලී රැකියාවක් කිරීමට අවශ්‍ය අනුමැති බලපත්‍ර ඒවා නිකුත් කරන අධිකාරීන් වෙතින් ලබා ගෙන ඇති බව. 

 

8. සේවාදායකයාගේ හා සේවකයාගේ අතර පවතින රැකියාවේ කරුණු හා සම්බන්ධ කටයුතු ක්‍රමවේදය වෙනස් වීමට තුඩු දෙන යම් වෙනස්කම් ද ඒවා මගින් අයිතිවාසිකම් හා යුතුකම් (ද්විපාර්ශවික) වල වෙනස්කම් ඇතිවේද මෙම සේවාදායක/සේවක සම්බන්ධය ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳ කරුණු. 

2013 

2008 නියෝග අංක 26 සංශෝධනය කරන අමාත්‍යාංශ නියෝග අංක 67 මෙම නියා්ගය රැකියා බලපත්‍ර ලබා ගැනීමේදී සේවා දායකයා විසින් ගෙවිය යුතු මුදල් පිළිබඳ විස්තර, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් නේවාසික පදිංචිය සඳහා විදේශික සේවා දායකයින් වෙත නිකුත් කරන බලපත්‍ර ලබා ගැනීමට දැරිය යුතු වියදම් ගැන විධිවිධාන පනවා ඇත.

2008 නියෝග 26 හි ලේඛන අංක 01 හි අගට අමුණා ඇති ප්‍රකාශය මතු දැක්වෙන කරුණු සම්බන්ධයෙන් වේ. සේවා දායකයින් රැකියා බලපත්‍ර ලබා ගැනීමේදී ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන් නේවාසික පදිංචිය සඳහා අනුමැතිය ලබා දෙන බලපත්‍ර ගාස්තු (සංක්‍රමික ශ්‍රමිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ විදේශික සේවා දායකයින්) සම්බන්ධව මෙසේ සඳහන් වේ. “පළමුවෙන් රැකියාවට යොදවා ගන්නා සේවකයින් 05 දෙනා වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුදලින් එක් අයෙකු වෙනුවෙන් මසකට බහරේන් ඩිනාර් 05ක වට්ටමක් ලැබීමට සේවා දායකයා හට වරම් ලැබේ.” 

2014

වෘත්තීමය සේවාවන් සපයන විදේශික ව්‍යාපාර හිමියන්ගේ කටයුතු විධිමත්ව පාලනය කිරීම උදෙසා බලපවත්වන නියෝග අංක 2.

මෙම නියෝගයට අනුව විදෙස් ව්‍යාපාර හිමියන්ගේ අනුමැති බලපත්‍ර ලබා දීම, (ලේඛන අංක 03), විදේශික ව්‍යාපාර හිමිකරුවන් කටයුතු කළ යුතු සීමාවන් (ලේඛන අංක 06), සේවකයන් කටයුතු කළ යුතු සීමාවන් (ලේඛන අංක 08), රැකියා බලපත්‍රය වලංගු කාල සීමාව (ලේඛන අංක 10), රැකියා බලපත්‍ර කල් ඉකුත් වීම (ලේඛන අංක 11) සම්බන්ධ විධිවිධාන පැනවේ.

2015

අනවසරයෙන් විදේශිකයෙකු හෝ විදේශකයෙකුගේ ජාතිකකත්වය ස්වභාවිකරණය, බහරේන් පුරවැසිභාවය අවලංගු වීම හෝ බහරේන් පුරවැසි භාවය ඉවත් කර ගැනීම වැනි අවස්ථාවලදී විශ්‍රාමික අයිතිවාසිකම් හා වරප්‍රසාද ලැබීම අත්හිටුවීම සම්බන්ධයෙන් වන නීති ආඥාව අංක 36.

අවසරයකින් තොරව විදේශිකයෙකු ජාතිකත්වය ස්වාභාවිකරණය කළ විටක හෝ බහරේන් පුරවැසිභාවය අවලංගු වීම හෝ ඉවත් කර ගැනීම යන අවස්ථාවලදී ඉන් ඉදිරියට බලපවත්වන පරිදි කිසිඳු විශ්‍රාමික අයිතිවාසිකම් හෝ වරප්‍රසාද ලැබීමට සියළු සුදුසුකම් අහෝසි වන බවට නියෝග කරයි.

2016 

සංක්‍රමික ශ්‍රමිකයන්ගේ වෛද්‍ය පරීක්ෂණ සහතික සම්බන්ධයෙන් අමාත්‍යාංශ නියෝග අංක 12.

ජාතික සෞඛ්‍ය පාලන අධිකාරිය (NHRA)මගින් අනුමත බලපත්‍රලාභී පුද්ගලික වෛද්‍ය සේවා ආයතන විසින් සංක්‍රමික ශ්‍රමිකයන් සඳහා වෛද්‍ය පරීක්ෂණ සහතික නිකුත් කෙරේ. මෙම පුද්ගලික ආයතන මගින් වාර්තා කළ ප්‍රතිඵල මහජන සෞඛ්‍ය කමිටු වෙත ලබා දිය යුතු අතර එම කමිටු මගින් LMRA අධිකාරිය දැනුවත් කෙරේ. මෙම කමිටු මගින් පුද්ගලික වෛද්‍ය සේවා ආයතන අධීක්ෂණය කරනු ලබන අතර යමෙකුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා ලබා ගැනීමට නීතිමය බලතල පවරාගෙන ඇත. මෙසේ සිදු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමිත ප්‍රමිතිකරණය හා තත්ත්වලට අනුකූලව එම පෞද්ගලික වෛද්‍ය ආයතන ක්‍රියා කරන වග අධීක්ෂණය පිණිසයි. ලබා ගත් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාවන්ට අනුව යම් විදේශිකයෙකු සේවයේ යෙදීමට නුසුදුසු සෞඛ්‍ය මට්ටමක සිටීද එසේ නැතහොත් බෝවන රෝග කාරක වැළඳී ඇත්දැයි නිගමනය ලද විටෙක එම පරීක්ෂණ සිදු කළ පෞද්ගලික වෛද්‍ය ආයතනය විසින් පැය 24ක් තුළ මහජන සෞඛ්‍ය සේවා කමිටු දැනුවත් කළ යුතුව ඇත. මෙවැනි අවස්ථාවකදී සේවා දාකයා විසින් සේවකයා මහජන සෞඛ්‍ය කමිටු වෙත ඉදිරිපත් කොට නැවත වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුය.