බහරේන් රාජ්‍ය තුළ 600,000 ක් පමණ සංක්‍රමික ශ්‍රමිකයන් සේවයේ නියුතු වේ. මෙය මුළු රටේ ශ්‍රම පිරිස හා සසඳන විට 55% - 75% ක් අතර වේ. මෙම නුපුහුණු ඌණ කුසලතා සහිත කම්කරුවන් බොහෝවිට සේවයේ යෙදෙන්නේ ගෘහ සේවය ගොඩනැගිම හා ඉඳිකිරිම් ක්ෂේත්‍රය, තොග හා සිල්ලර වෙළදාම් ක්ෂේත්‍ර තුළයි. මෑතකදී අනාවරණය වු පරිදි බහරේන් තුළ 100,000 පමණ සංක්‍රමික ගෟහ සේවකයින් සේවය කරන බවට දැක්වේ. සංක්‍රමික සේවයින් සඳහා රැකවරණය සදහා රාජ්‍ය අතරින් බහරේන් රාජ්‍ය වඩා ඉහළ මට්ටමක ඇති බවට සැළකේ. විශේෂයෙන්ම වෙනත් GCC රටවල් හා සසඳන විට මෙම තත්ත්වය හොඳින් පෙන්නුම් කෙරේ. මෙම ඉහළ මට්ටමක රැකරවණ ස්ථාපිත කිරීම පිණිස බහරේන් රජය බොහෝ වැඩපිළිවෙලවල් හඳුන්වා දී ඇත. වසර 2010 -2013 කාලය තුළදි ලෝක කම්කරු සංවිධානය විසින් දියත් කරන ලද ශිෂ්ඨ සම්පන්න රැකියා සහිත රටවල් වැඩසටහන (DWCP) තම රටට හඳුන්වා දුන් ප්‍රථම රට බහරේන් රාජ්‍යයයි. මෙමගින් සේවක අයිතින්, ආදායම් රක්ෂණය, කාන්තාවන් රැකියාවල යෙදවීම ආදි අංශ වල හොඳ ප්‍රවණතාවයක් පෙන්නුම් කෙරිණි. වසර 2016 වන විට වඩාත් පුළුල් පරාසයිකින් යුතුව ඉදිරිපත් කෙරුණ නව (DWCP) ව්‍යාපෘතියට අවශ්‍යතාව දැනෙනන්නට වු අතර මෙය සංක්‍රමික ශ්‍රමිකයන්ගේ රැකවරණයත්, මෙම ක්ෂේත්‍රයට අන්තර්ජාතික ප්‍රමිතිකරණ හදුන්වා දීමත් අරමුණු කොට තිබුණි. 

 

මෙයට අදාලව බහරේන් රාජ්‍යයේ ජාතික නීති සම්පාදන හා නීති පැනවීම් පහත සඳහන් අංශ ඔස්සේ සිදුවුණි. මෙම අංශ වනුයේ කම්කරු නීති සංක්‍රමික ශ්‍රමිකයන්ට (ගෘහ සේවකයින් හැර, මොවුන් අර්ධ වශයෙන් ඇතුළත් වේ.) 

අදාළ කිරීම, සේවකයින් උපයෝජනය හා වේතන ගෙවීම පැහැර හැරීම සාපරාධි ක්‍රියා ලෙස සැළකීම, රැකියා ඒජන්සි ආයතන පාලනය කිරීමට ක්‍රමවේද හඳුන්වා දීම, ලෙඩ නිවාඩු හා වාර්ෂික නිවාඩු දික් කිරීම, අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම් වලදී වන්දි ලබාදීම් වැනි කරුණුයි. මෙම තත්ත්වය යටතේ කම්කරු වෙළදපොල පාලන අධිකාරිය (LMRA) මගින් වීසා බලපත්‍ර නිකුත් කිරීම, රැකියා ඒජන්සි ආයතන නිකුත් කිරීම, සේවා මාරු ලබාදීම වැනි කටයුතු මනා අධික්ෂණයකට හා පාලනයකට භාජනය කරන්නට යෙදුණි. රැකියා කොන්ත්‍රාත්තුවේ සඳහන් වන කොන්දේසි හා වගකීම් අයිතිවාසිකම් පැහැදිලි කිරීම සඳහා (සේවා වාතාවරණය), වේතන, නිවාඩු දින හා වැඩ විස්තරය වසර 2017 ඔක්තෝබර් මස සිට ගෘහ සේවකයින්ට අදාළ වන පරිදි සම්මත රැකියා කොන්ත්‍රාත්තුවකට අනුකුලව බලපවත්වනු ලැබේ. 

 

මෙවැනි බොහෝ හඳුන්වාදීම් සිදු කලද බහරේනය වෙත ඇදී එන සංක්‍රමික ශ්‍රමිකයන් හට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. තම මව් රටින් පිට වීමට ප්‍රථම මෙම ශ්‍රමිකයන්ගේ විශල මුදල් අයකර ගැනීම. (විටෙක මාසික වැටුප මෙන් 10 ගුණය සිට 20 ගුණය දක්වා වු) බහරේන් රටේ රැකියා ඒජන්සි ආයතන පුරුද්දක් කොට ගෙන ඇත. මෙම ප්‍රවණතාවය බොහෝ සෙයින් ඉඳිකිරීම්/ගොඩනැගිලි ක්ෂේත්‍රවල සේවකයන් හට මුහුණදීමට සිදුවුනද ගෘහ සේවිකාවන් හට මෙම තත්ත්වයෙන් එතරම් අවහිරතා නොමැත. බොහෝ සෙයින් මොවුන් අනුමත නිල රැකියා ඒජන්සි ආයතන ඔස්සේ රට වෙත පැමිණිම එයට හේතුවයි. විශාල ගාස්තු දැරීමට සිදු වීමත් එම නිසා උරුම වු ණය බරින් (ගුවන් ගාස්තු වලට ගෙවු මුදලට අමතරව) මිදිමට තිබෙන මානසික පීඩාව නිසා මෙම සේවකයින් තම සේවා ස්ථාන වල කොතරම් කරදර කම් කටොලු වද බන්ධන හා අතවර තිබුණද ඒවායෙන් නොමිදි එම ස්ථාන වලම සේවය කරන්නට පෙළඹේ. මෙයට අමතරව රැකියා ක්‍රම පටිපාටිය බහරේන් රටේ පවත්වන කෆාලා ක්‍රමයට අනුකූල විය යුතු බැවින් නිරන්තරයෙන් සේවකයින් තම සේවාදායකයන්ගේ තියුණු අධීක්ෂණයට ලක් වීමත් සේවා ස්ථාන මාරු කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යාමත් රටෙන් පිටවීමට නොහැකි වීමත් වැනි අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණදීමට සිදුවේ. අඩු වේතන, වේතන නොගෙවීම්, ඉතා දීර්ඝ වැඩ කාල සීමාවන්, අඩු විවේක කාල සහ රැකියාවෙන් තොර පරිබාහිර වු කාලය නොලැබීම, බලහත්කාරයෙන් රඳවා තැබීම, ගමන් බලපත්‍ර බලයෙන් සතු කර ගැනීම, කායික වාචික හා ලිංගික අතවර, අපයෝජන හා වද බන්ධන (විශේෂයෙන්ම ගෘහ සේවකයන් හට) මේවා අතර ප්‍රමුඛ වේ. වැඩබිම් වල සේවයේ නිරත කම්කරුවන් හට ඉඩ පහසුව නොමැති, ඉතා තදබද වු නවාතැන් පොලවල්, ඉතා අත්‍යාවශ්‍ය පහසුකම් පවා (නල ජලය, වැසිකිල, සනීපාරක්ෂක පහසුකම්) නිසි ආකාරයකට සපයා නොතිබිමත් පැහැදිලිව දක්නට ඇත. 

 

ක්‍රමවත් ක්‍රියාමාර්ග හඳුන්වා දීම තුලින් මෙම අවිධිමත් තත්ත්වය මගහරවා ගැනීමට බහරේන් රජය හා සේවා දායකයන්ගේ පූර්ණ කැපවීම හා මැදිහත් වීම හොඳ ප්‍රවණතාවයක් ලෙස පෙන්නුම් කෙරේ. ඉන්දියාව හා පිලිපීනය විසින් බහරේන් රාජ්‍යයේ සේවයේ නියුතු තම රටවැසියන් සදහා අවම වේතන මට්ටමක් පනවා තිබේ. එලෙසම සංක්‍රමික ගහ සේවකයන්ගේ වේතන මට්ටම් අන් කේෂේත්‍ර වල සේවයේ නිරත ශ්‍රමිකයන්ගේ වේතන මට්ටම් හා සළකා බලන විට ඉතා පහත් මට්ටමක පවතී. බහරේන් ජාතිකයන් විසින් අසාධාරණ හේතු පදනම්කොට ගෙන මෙම සංක්‍රමික සේවකයන් සදහා වෙනස් ආකාරයක සැලකීම් කරන බවද වාර්තාවී ඇත. 

 

බහරේන් රාජ්‍ය තුළ සේවක අයිතින් හට ඇති පිළිගැනීම ගැන වැඩි විස්තර ITUC ලෝක අයිතිවාසිකම් දර්ශකය වෙත මෙතනින් පිවිසෙන්න.