සෞදි අරාබි රාජ්‍යය තුළ බලපවත්වනු ලබන කම්කරු ප්‍රතිපත්ති හා කොන්දේසි පිළිබඳ පරිපූර්ණ ඇගයීමත් මෙම ස්ථානයෙන් ලබා ගත හැක. මෙම තොරතුරු අමතර මූලාශ්‍ර පදනම් කොට පහත දැක්වෙන ලෙස ගොනු කොට ඇත්තේ රැකියාවක නිරත වීමට සෞදි අරාබි රාජ්‍යය වෙත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නන්ගේ උපකාරය පිණිසයි. 

 

  • සෞදි අරාබි රාජ්‍යයේ කම්කරු අමාත්‍යාංශයේ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ පෙර අනුමැතියකින් තොරව එම රටට නොපිවිසෙන්න.

 

  • නිල අනුග්‍රහයෙකුගේ සහයෝගයෙන් තොරව සෞදි අරාබියානු හෝ විදෙස් සමාගමක රැකියාවක් පිණිස එම රටට නොපිවිසෙන්න. 

 

  • වලංගු සේවක බලපත්‍රයක් හා රටේ නවාතැන් ගැනීමට (හෝ පදිංචි වීමට) අවශ්‍ය නිල බලපත්‍රයක් 

තමා සිටින රටින් (මව් රටින් හෝ වෙනත් රටක සිට) සෞදි අරාබියට පිටත්වීමට පෙර සෞදි අරාබිය රැකියා ඒජන්සි ආයතනවලට සේවා අවස්ථාව ලබා දීම උදෙසා කිසිඳු ගෙවීමක් නොකරන්න.

 

  • සමහරක් ක්‍ෂේත්‍රවල කාන්තා පාර්ශවය සඳහා රැකියා ඉඩ ප්‍රස්ථා නොමැති බව සිහි තබා ගන්න. 

 

  • සෞදි අරාබි රාජ්‍යයේ කම්කරු/රෙගුලාසි ප්‍රකාර සේවා කොන්ත්‍රාත්තුවක් අරාබි බසින් ලිඛිත ලේඛනයක් ලබාගෙන එම ලේඛනයේ තමාගේ අයිතීන් හා හිමිකම් හා සේවා කාලය හරියාකාරව සඳහන් වන බවට වග බලාගෙන තම අත්සන යෙදිය යුතුය. 

 

  • සතියක් තුළ සේවයේ නියුතු විය යුතු පැය ගණන උපරිම ලෙස පැය 60කට සීමා විය යුතුය. (මෙම උපරිම අතිකාල පැය ගණන ඇතුළුවයි). සාමාන්‍ය නීතියෙන් බැහැර වූ විශේෂිත අවස්ථාවන් තිබිය හැක. 

 

  • සිකුරාදා දිනය සෑම සේවකයෙකු සඳහාම බලපවත්වන නිවාඩු දිනයකි.

 

  • සෞදි අරාබි රාජ්‍යයේ අවම වේතන නියාමක නැත. 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය වීසා බලපත්‍රය, සේවක බලපත්‍රය, පදිංචිය, රටතුළ ජීවත් වීම සඳහා බලපත්‍ර නිකුත් කරන අධිකාරිය වේ. 

 

අඩු කුසලතා/ඌන කුසලතා යුතු ශ්‍රමික පිරිස් සඳහා උපදේශක සේවා/මඟ පෙන්වීම (විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සපයන සේවා) සාපේක්ෂ ලෙස විරලය. 

 

ඉන්දියානු කොන්සල්ගේ කාර්යාලය මගින් ප්‍රකාශිත “ඉන්දියානු ශ්‍රමිකයන් උදෙසා වන උපදෙස් හා ක්‍රම පටිපාටිය” අඩු/ඌන කුසලතා සහිත ශ්‍රමික පිරිස් හට උපකාරි වන තොරතුරු රැසක් අන්තර්ගතයි. 

 

ඉන්දියාවෙන් බැහැරවිමට පෙර සහ සෞදි අරාබියට පැමිණි විගස අනුගමනය කළ යුතු නීති රීති, රෙගුලාසි හා අවදානම් තත්ත්වයන් පිළිබඳ හොඳ හැඳින්වීමක් ලබා දෙයි. අවදානම් අවස්ථා අවම කිරීමත්, හදිසි අවස්ථාවන්හිදී පිහිට විය හැකි ආයතන හා සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු ද සපයා දී තිබේ. 

 

ILO සංවිධානය මගින් එවැනි උපදෙස් මාලාවක පකිස්ථානු ශ්‍රමිකයන් සඳහා ප්‍රකාශයට පත් කොට ඇත. එලෙසම (OFW) යනුවෙන් හැඳින්වෙන විදේශ රටවල සේවයේ නියුතු පිලිපීන ජාතික ශ්‍රමිකයන් සඳහා උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කොට ඇත.  මෙහි අන්තර්ගතය තුළ කෆාලා ක්‍රමවේදය (අනුග්‍රාහක) පිළිබඳ හැඳින්වීමක්ද විශේෂයෙන් සෞදි අරාබි රාජ්‍යය තුළ බලපවත්වන ක්‍රමපටිපාටියන් ද නීති විරෝධි රැකියා ඒජන්සි ආයතන හා ශ්‍රමිකයන් සපයන්නන් හඳුනා ගත හැකි ක්‍රම පිළිවෙළ ද සඳහන් කොට ඇත්තේය.