සෞදි අරාබි රාජ්‍යය වෙනත් රටවල් හා සබැඳි කම්කරු ගිවිසුම් පිළිබඳ හැඳින්වීමක් පහත දැක්වේ. 

පිලිපීනය 2013, ගෘහ සේවයන් සේවයට බඳවා ගැනීමේ ගිවිසුම. 

මෙම ගිවිසුම මගින් සෞදි අරාබි ජාතික සේවාදායකයින් සහ සේවයට බඳවා ගන්නා පිලපීන ජාතික ගෘහ සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමත්, මෙම උභය පාර්ශවයන් අතර කටයුතු හා ගවිසුම් ප්‍රකාර කටයුතු පරිපාලනය කිරීමත් ප්‍රධාන කොට ඇත්තේය. මෙම ගිවිසුම මගින් ගෘහ සේවකයින් බඳවා ගැනීම, රැකියාවන්හි නියුක්ත කිරීම අදාළ කටයුතු බලපවත්වන නෛතික රාමුව තුළ නීති ප්‍රතිපදාන, රෙගුලාසි විසින් මෙහෙයවනු ලබන ක්‍රියාදාමයක් බවට අනුගත කරනු ලබයි. 

 

ඉන්දියාව 2014, ගෘහ සේවකයින් බඳවා ගැනීම සඳහා වූ කම්කරු සහයෝගිතා ගිවිසුම. 

මෙමගින් ගෘහ සේවක ඌනතාවය අවම කර ගැනීමට බලාපොරොත්තු වේ. මෙම ගිවිසුමේ අන්තර්ගතය ප්‍රකාරව සාමාන්‍ය සේවක කොන්ත්‍රාත්තු නෛතික බලපැවැත්මකට යටත් කෙරේ. එම කොන්ත්‍රාත්තුවල සත්‍ය බව තහවුරු කෙරේ. කොන්දේසි ක්‍රියාවට නැංවේ. සේවකයින් බඳවා ගැනීමේ ගාස්තු, ගිවිසුම් කොන්දේසි, උපදෙස් හා ක්‍රියා පටිපාටි උල්ලංඝනය කරන ව්‍යාපාරික ඒජන්තවරුන් අරඹයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අතරමැදි තැරැව්කාර පිරිස් විසින් සේවකයන් හට වංචා ක්‍රියා කිරීම වැළැක්වීම වැනි කරුණු සඳහන් වේ. අවම වැටුප් හා වේතන තත්ත්වයන්, වැඩ කළ යුතු පැය ගණන, පඩි සහිත නිවාඩු දින හා චෝදනා හා ආරවුල් නිරාකරණ ක්‍රමවේද සඳහන් වේ. 

 

ඉන්දුනීසියාව, 2014, ඉන්දුනීසියානු ගෘහ සේවකයින් නියුක්ති කිරීම, ඔවුන් තම රැකියාවන්හි සුරක්ෂිත කිරීම අරබයා ඇති ගිවිසුම. 

මෙමගින් ඉන්දුනීසියානු ගෘහ සේවකයන්ගේ අයිතින් හා සේවාදායකයින්ගේ අයිතීන් සඳහා රැකවරණය ලබා දේ. සේවක කොන්ත්‍රාත්තු සම්මතකරණය හා ද්විපාර්ශවික අයිතීන් සඳහන් කිරීම මූලික වේ. 

 

ශ්‍රී ලංකාව, ගෘහස්ථ සේවයන් බඳවා ගැනීමේ ද්විපාර්ශවික ගිවිසුම. 

 

වියට්නාමය, නේපාලය, නයිජර්, ජිබුටි, බංගලාදේශය සහ චැඩ් 2016: 

ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීම සඳහා මෙකී රටවල් සමඟ බැඳි ද්වි පාර්ශවික ගිවිසුම.