යාවත්කාලීන කිරීම්, 2020 සැප්තැම්බර් 1: 2020 අගෝස්තු 18 වන දින නීතිය සම්මත කිරීමෙන් පසුව, සංක්‍රමණික සේවකයින්ට තම සේවායෝජකයාගෙන් විරෝධතා සහතිකයක් (එන්ඕසී) ලබා නොගෙන කොන්ත්‍රාත්තුව අවසන් වීමට පෙර රැකියා වෙනස් කළ හැකිය. අද දින සම්මත කර ඇති 2020 අංක 17 දරණ අතිරේක නීති මගින් අවම වශයෙන් කටාර් රියාල් 1,000 ක වැටුපක් (QAR) ස්ථාපිත කර ඇති අතර එය නිල ගැසට් පත්‍රයේ නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් මාස හයකට පසු බලාත්මක වනු ඇත. නව අවම වැටුප සියලුම කම්කරුවන්ට, සියලු ජාතිකයින්ට සහ ගෘහ සේවිකාවන් ඇතුළු සියලුම අංශවලට අදාළ වේ. මූලික අවම වැටුපට අමතරව, සේවකයින්ට හොඳ නවාතැන් හා ආහාර ඇති බව සේවා යෝජකයන් විසින් සහතික කළ යුතුය. කම්කරුවන්ට මේවා සෘජුවම ලබා නොදෙන්නේ නම්, සේවා යෝජකයින් විසින් ආහාර හා නිවාස පිරිවැය පියවා ගැනීම සඳහා පිළිවෙලින් අවම වශයෙන් QAR 300 සහ QAR 500 ක දීමනා ගෙවිය යුතු බව ද ව්‍යවස්ථාවෙන් නියම කර ඇත. මුලාශ්‍රය: අයිඑල්ඕ

විගමණික ශ්‍රමිකයින් නියාමනය කිරීමේ විධිවිධාන සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වන පියවරයන් (පූර්ව - නික්මයාම් පුහුණුව, රක්ෂණාවරණ ආදිය) ඇතුළු විගමණික  ශ්‍රමිකයන් හට අදාල වන්නා වූ ජාතික ව්‍යවස්ථාවන් පිලිබඳ විස්තර පහත සාකච්ඡා කෙරේ.

පිටවීමේ බලපත්‍ර මර්දනය පිළිබඳ අමාත්‍ය තීරණය. ගෘහ සේවිකාවන් කටාර් රාජ්‍යයෙන් ඉවත් වීමට අදහස් කරන නමුත් ඔවුන්ගේ අවසරය අවශ්‍ය නොවන්නේ නම් ඔවුන්ගේ සේවායෝජකයින්ට දැනුම් දිය යුතු බව පැහැදිලි කිරීම වැදගත්ය. කම්කරු නීතියට යටත් නොවන ඇතැම් කාණ්ඩවල කම්කරුවන් පිටවීම සම්බන්ධ රෙගුලාසි හා ක්‍රියා පටිපාටි පිළිබඳව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් 2019 අංක 95 දරන තීරණයෙහි පරිවර්තනය සොයා ගන්න. මූලාශ්‍රය: අයිඑල්ඕ කටාර්

Expatriates  ඇතුළු වීම සහ පිටවීම හා ඔවුන්ගේ පදිංචිය නියාමනය කිරීමේ 2015 අංක 21 දරන නීතිය:  විගමනික ශ්‍රමිකයන්ගේ ඇතුළුවීම හා  පිටවීම මෙන්ම ඔවුන්ගේ පදිංචිය නියාමනය කරයි.

ශ්‍රමිකයන් සඳහා ප්‍රමාණවත් නිවාසවල අවශ්‍යතාවය සහ පිරිවිතරයන් තීරණය කරනු ලබන 2014 අංක 18 දරණ අමාත්‍ය නියෝගය, ශ්‍රමිකයන් සඳහා ප්‍රමාණවත් නිවාස වල අවශ්‍යතාවය සහ පිරිවිතරයන් තීරණය කරයි.

විදේශීය ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට අවශ්‍ය කටාර් ජාතිකයන් හට බලපත්‍ර නිකුත් කිරීමේ කොන්දේසි සහ ක්‍රියාවලී නියාමනය කරනුලබන අංක 8/2005 දරණ සිවිල්  සේවා හා නිවාස අමාත්‍ය තීරණය :  මෙම තීරණය තුළ දක්වා ඇති නීති හා රෙගුලාසි ප්‍රකාරව ජාතිකයන් හට බලපත්‍ර නිකුත් කිරිම සිදු කළ යුතු වේ.

1992 අංක 14 දරණ පාර්ශ්වයන් සහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ආනයනය කිරීම නියාමනය කිරීමේ පනත තුළ දක්වා ඇති වැරදි හා  සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විධිවිධාන සලසන 1994 අංක 23 දරන පනත, නීති ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීම සිදුවීමට පෙර හෝ එසේ ක්‍රියාවලී සිදුවෙමින් පවතින අතරතුර යම් නිශ්චිත වරදක් සිදු කිරීමේදී කම්කරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් සමාදානය සඳහා අවශ්‍ය විධිවිධාන සලසයි.

ශ්‍රමිකයන් ආනයනය කිරීමේ මෙහෙයුම් නියාමනය කරනු ලබන 1992 අංක 14 දරණ පනත :  කටාරය වෙත විදේශීය ශ්‍රමිකයන් ගෙන ඒමේදී අවශ්‍ය කරන නිසි බලපත්‍ර සඳහා වූ අවශ්‍යතාවයන් සකස් කොට ඇත. තම නිවෙස් වෙත විදේශීය ශ්‍රමිකයන් ගෙන ඒමට අවශ්‍ය පුද්ගලයන් සඳහා වූ ව්‍යතිරේකයන් සලසයි. බලපත්‍රයක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රමිකයන් ආනයනය කිරීමේ නියෝජිතායතන විසින් සපුරාලිය යුතු සුදුසුකම් (අවුරුදු 21 අවම වයස, බැංකු ඇපය ආදී) මෙම පනත විසින් විස්තර කරන අතර, ඔවුන්ගේ පොත්පත් සහ පරිශ්‍ර පරික්ෂා කිරීම සඳහා වූ විධිවිධාන සලසයි. විගමණික ශ්‍රමිකයන් ස්ථානගත කිරීමේදී ඔවුන්ගෙන් ගාස්තුවක් අයකිරීම  එම නියෝජිතායතන හට සපුරඑා තහනම්ය. යම් සේවායෝජකයෙකු වෙනුවෙන් නියෝජිතායතනයක් විසින්  ශ්‍රමිකයන් ආනයනය කිරීමේදී ගමන් වියදම් ගාස්තු සහ නියෝජිතායතන කොමිස් මුදල් එම සේවායෝජකයන්ගෙන් අය කර ගත යුතුය. 1993 මාර්තු මස 19 දින වන විට සියළු ශ්‍රමික ආනයන නියෝජිතායතන විසින් පනතේ විධිවිධානවලට අනුකුලව කටයුතු කළ යුතුය.