2015 ILO වාර්තාවට අනුව කටාර් රාජ්‍යය ගල්ෆ් කොර්පරේෂන් කවුන්සිලය (‍GCC) ට අයිති රටක් වේ. මෙම කවුන්සිලයට අදාළ රටවල් මහා පරිමාණයේ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර ඒවායෙහි සේවය සඳහා අඩු කුසලතා ඇති සේවකයින් සදහා ඉතා විශාල ඉල්ලුමක් පවතී. කටාර් රාජ්‍යය තුළ සේවයේ නියුක්ත පිරිසගෙන් 60% වැඩි පිරිසක් ද්විතීය අධ්‍යාපනය සම්පුර්ණ නොකරන ලද පිරිසක් බව දැක්වේ. 

 

‍GCC කවුන්සිලයේ සෙසු රටවල මෙන් කටාර් රාජ්‍යය තුළ ද සංක්‍රමණික සේවකයින් උදෙසා ප්‍රබල කර්මාන්ත ව්‍යුහයක් පවතී. නීතිමය තත්ත්වය කෙසේ වෙතත් මෙලෙස සංක්‍රමණය වන සේවකයන් හට සේවා නියුක්තිය උදෙසා දැරිය යුතු වියදම් නිසි ලෙස පරිපාලනය නොවේ. දිනෙන් දින ඉහළ යන මෙම වියදම් හා එහි නිසා පරිපාලනය නොමැතිකම මෙම සේවකයන් අපයෝජනය හා උපයෝජනය (සූරාකෑම) සදහා පසුබිම සකස් කෙරේ. 

වසර 1990 සහ 2000 මුල් අවධියේ කටාර් රාජ්‍යය තුළ හා ‍GCC කවුන්සිලයේ සෙසු රටවල සේවයේ නියුක්ත සංක්‍රමික සේවකයින් බොහෝ සෙයින් අරාබි රටවල සිට පැමිණ පිරිස් විය. මේ වන විට වැඩිමනත් ලෙස ආසියානු සංක්‍රමික සේවකයින් ‛‛වඩා කීකරු” හා ‛‛වඩා ලාබදායි” මෙන්ම ‛‛ලෙහෙසියෙන් පාලනය කළ හැකි” පිරිස් ලෙස මතකයන් ගොඩනැගී ඇත.  

 

එමෙන්ම ආසියානු සංක්‍රමික සේවකයින් තනිව රෑරටවලට පැමිණීමත් (පවුල් පිරිස් නොමැතිව) සංසන්දනාත්මකව බලන කල එසේ පැමිණෙන අරාබි ජාතිකයින් තම පවුලේ උදවිය සමග එම රටවලට ගොස් ස්ථිර පදිංචිවීම අරමුණු කොට සංක්‍රමණය වීමත් සිදුවේ. ආසියානු සංක්‍රමික සේවයක් පිළිබඳ පවතින මෙම මතය රැකියා ලබා ගැනීමේදී ප්‍රබල බලපෑමක් වේ. උදාහරණයක් ලෙස පිලිපීන ජාතික සංක්‍රමණික සේවකයින්ගේ මනා ඉංග්‍රීසි දැනුම ඔවුන් පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවන්ට සුදුස්සන් ලෙස පිළිගැනීමක් ගොඩ නගන අතර, පිලිපීනයේ රැකියා පුහුණු ආයතන සඳහා ඉහළ පිළිගැනීමක් පැවතීමද මෙයට රැකුල් දෙයි. එලෙසම පකිස්ථානු ජාතිකයින් හොද රියදුරන් ලෙසත් ඉන්දියානුවන් කුසලතා සහිත සේවකයින් ලෙසත් ඉතියෝපියානුවන්, වියට්නාම් ජාතිකයන් හා කාම්බෝජ ජාතිකයින් අඩු වැටුප් සදහා සේවයට එකගතාවය දක්වන බවටත් පිළිගැනීමක් පවතී. 

 

GCC රටවල (කටාර් රාජ්‍යය ඇතුළුව) සේවාවට තෝරා ගැනීම හා යොදවා ගැනීම කෆාලා (අනුග්‍රාහක) ක්‍රමයට සිදුවේ. මෙම ක්‍රමවේදයට අනුව සංක්‍රමික සේවකයකුට අනුමත කරන ලද අනුග්‍රාහකයෙකුගේ ඉදිරිපත් වීම අත්‍යාවශ්‍ය  වේ. නීති ප්‍රකාර කටාර් රාජ්‍යය ගමන් බලපත්‍ර බලයෙන් සතු කර ගැනීම වළක්වාලයි. එනමුත් සමහරක් අනුග්‍රාහකයන් තම සේවකයින්ගේ ගමන් බලපත්‍ර තමන් හට ලබා දෙන මෙන් ඉල්ලා සිටිති. වසර 2013 දී නිකුත් කරන ලද වාර්තවකට අනුව කටාර් රාජ්‍යය තුළ සේවය කරන අඩු ආදායම්ලාභී සංක්‍රමණික සේවකයන්ගෙන් 90% පමණ ගමන් බලපත්‍ර මෙසේ බලයෙන් ලබාගෙන ඇති බවට පෙන්වා දෙයි. මෙම තත්ත්වය සේවකයින්ගේ ගමනාගමනයට බාධා පමුණුවන අතරම එම සේවකයින්ගේ අනුග්‍රාහකයින් හට අයුතු බලයක් පාවිච්චි කිරීමට ඉඩ ප්‍රස්ථාව සළසා දෙයි. කෆාලා ක්‍රමයේ පවතින මෙම අනිසි තත්ත්වය බොහෝ සෙයින් බලපවත් වන්නේ අඩු ආදායම්ලාභී සේවක පිරිස්වලට විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවයට වන අතර කුසලතා හිමි බටහිර රටවල සිට පැමිණෙන සේවකයින් හට මෙම තත්ත්වයේ බලපෑම අඩුවේ. 

රාජ්‍යය නොවන, ලාභ සඳහා නොපවතින සංවිධාන විසින් මෙම කෆාලා ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට භාජනය කරනු ලබයි. කටාර් පදනම මගින් එළිදක්වන ලද නවතම වාර්තාව 2022  FIFA ලෝක කුසලානය සඳහා ඉඳිවෙන යටිතල පහසුකම් ව්‍යාපෘති වල සේවය සඳහා පැමිණෙන සංක්‍රමණික සේවකයින්ගේ පහසුකම් සේවක වාතාවරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරයි. කටාර් පදනම විසින් වසර 2014 දී ඉදිරිපත් කළ වාර්තාවකට අනුව සේවා නියුක්ති ක්‍රියාදාමයේ ප්‍රධාන ගැටළු කිහිපයක්ම අනාවරණය කරන ලදී. මූලිකවම ඉහත දැක්වූ සම්මුති වල බලපැවැත්ම කෙසේ වෙතත් ශ්‍රමකයින් සැපයීමේදී එම ක්‍රියාවලිය පුරප්පාඩු පිරවීම මූලික කොට ගෙන සිදුවන අතර විධිමත් ක්‍රවේදයන් හා සදාචාරාත්මක ක්‍රමවේද පසෙක ලන බව පෙන්වා දෙයි. දෙවනුව ඉහත දැක්වූ ආකාරයට සේවකයින් හට රැකියා ලබා ගැනිමේ ක්‍රියාදාමය තුළ විශාල ගාස්තු දැරීමට සිදුවන බවත් එම ගාස්තු ඇ.ඩො. 5000 දක්වා වන බවත් පෙන්නුම් කෙරේ. තෙවනුව කොන්ත්‍රාත්කරුවන් සේවකයින් හට සෘජුව කරන ගෙවීම් වෙනුවට අතරමැදි රැකියා ඒජන්ත ආයතන සඳහා ගෙවීම සිදු කරන බවට පෙන්වා දෙයි. මෙම තත්ත්වය නිසා සේවාවන්ට බඳවා ගැනීම සහ පඩි වරප්‍රසාද ලබා දීම වැනි ක්‍රමවේද ස්වරූපයක් ගනී. 

අවසාන වශයෙන් සේවා කොන්ත්‍රාත් සේවකයන් හට අත්සන් තැබීමට අවකාශ ලද අවස්ථා වලදී පවා, එම ලියකියවිලි වල සේවකයන් හට ලබා නොදීමට ඒවායේ සඳහන් වේතන හා වරප්‍රසාද අඩුකර ලියකියවිලි එකඟතාවයන්ට පටහැනිව වෙනස් කර සකස් කරන බවද පෙන්වා දෙයි. 

 

වීසා බලපත්‍ර අලෙවිය තවමත් ප්‍රචලිත බැවින් මෙම වාර්තාව නීති අනුකූලතාවය, පිළිබඳ අවධානය යොමු කරයි. 

කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය විසින් ස්ථාපිත කරන ලද නව නිර්ණායක ඔස්සේ කෆාලා ක්‍රමවේද බැහැර කිරීම සඳහා එම රජයේ කැපවීම පෙන්නුම් කරයි. මෙය සය ආකාර වූ ක්‍රියාවලියකි. 

 

1).  සේවක කොන්ත්‍රාත්තුව රජයේ අධිකාරියක තැන්පත් විය යුතුය. මෙමගින් සංක්‍රමණික සේවකයින් හට ලබා දෙන කොන්ත්‍රාත්තුව නොවෙනස්වත් එකී කොන්දේසි ප්‍රකාර සුරක්ෂිත වීමත් සිදුවේ. මුලින් එකඟ වූ අඩු වේතන හා වරප්‍රසාද වලට එකඟවීමට රට තුළට සංක්‍රමණය වූ සේවකයාට බලපැම් කිරීමට ඇති ඉඩ ඇහිරී යයි. 

 

2). සේවා දායකයින් හට තම සේවකයින් රටින් බැහැර යාම වැළැක්වීමට නොහැකි වේ. 

 

3). අවම වැටුප් මට්ටම් ස්ථාපිත කරන අතර එමගින් තම ජාතිය හා පදනම් වූ වේතන ක්‍රම බලගැන්විය නොහැක. 

 

4). අනන්‍යතා ලියකියවිලි කටාර් රාජ්‍යය මගින් සෘජුවම නිකුත් කෙරේ. එමගින් සේවාදායකයා විසින් හඳුනා ගැනීමේ/ අනන්‍යතා ලියකියවිලි නිකුත් නොකිරීම ස්ථාපිත කෙරේ. 

 

5. සේවකයින්ගෙන් සැදුම් ලත් සේවක කමිටු පිහිටුවනු ලබන අතර ඒවායේ සාමාජිකත්වය සඳහා නියෝජිතයින් තෝරා ගැනීමේ වරප්‍රසාදය සේවකයන් හට ලැබේ. 

 

6. චෝදනා විභාග කිරිම සහ ක්‍රමවේදයන්ගේ අඩුපාඩු නිවැරදි කිරීම උදෙසා විශේෂ කමිටුවක් පිහිටුවා එමගින් විරෝධතා සංසිඳවීම නිශ්චිත කාල පරාසයක් තුළ සිදු කිරීමට වග බලා ගැනේ. 

 

කටාර් රාජ්‍යය තුළ සේවක අයිතීන් හට ඇති පිළිගැනීම ගැන වැඩි විස්තර  ITUC ලෝක අයිතිවාසිකම් දර්ශකය වෙත මෙතනින් පිවිසෙන්න.