See this article for ශ්රී ලංකාව

 

 කාන්තා සංක්‍රමිකයන් ප්‍රමුඛත්වයදී රැකියා සොයා පැමිණෙන රටවල් අතරින් හොංකොං රාජ්‍යය මූලික වේ. ගෘහ සේවිකාවන් එසේ නැතහොත් “උදව්කරුවන්” ලෙස රැකියාවේ නිරතවීමට වැඩි වශයෙන්ම හොංකොං රට වෙත එදී එන්නේ පිලිපීනය, ඉන්දුනිසියාව හා ශ්‍රී ලංකාව යන රටවලනි.

 

සංක්‍රමික ශ්‍රමිකයන් හා ඔවුන් රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාදාම හා සම්බන්ධ ප්‍රධාන ගැටළු පස් ආකාර වේ. පළමුව මෙම සංක්‍රමික ශ්‍රමිකයන් වෙත රැකියා ඒජන්සි ආයතන ලබා දෙන තොරතුරු වැරදි හා යල් පැන ගිය බවට සොයා ගෙන තිබේ. මෙවැනි ශ්‍රමිකයන්ගෙන් අයකර ගත හැකි උපරිම මුදල තම වැටුපෙන් 10%ට වඩා නොවැඩි විය යුතු මුත් ඉට වඩා අතිශය වැඩි මුදලක් අයකරන බවට සොයා ගෙන තිබේ. මෙසේ අය කරන ගාස්තු නීති කටයුතු ගාස්තු ලෙස හෝ වෙනත් කටයුතු සඳහා යැයි වැරදි ලෙස නම් කොට අය කර ගන්නා බව දැක්වේ. මෙම නිසා සංක්‍රමික ශ්‍රමිකයා ණය බන්ධනයට යටත් බලහත්කාරයෙන් සේවා ලබා ගැනීමේ තත්ත්වයන්ට හා උපයෝජනය හා අවදානම් තත්ත්වලට ලක් වීමටත් එමගින් නීති විරෝධි ලෙස දේශ සීමා හරහා පුද්ගලයන් රැගෙන යන ජාවාරම් තත්ත්වයන් ඉස්මතු වීමට ඉඩකඩ සැළසේ. මෙම තත්ත්වයනට රුකුලක් වන්නේ සේවාදායකයන් විසින් බලහත්කාරයෙන් ගමන් බලපත්‍ර සතු කර ගැනීමත්, එවැනිම රැකියා ලබා ගැනීමට උපකාර වන අතර අනෙකුත් ලියකියවිලිත් නීතිවිරෝධි ලෙස සතු කර ගැනීමත් යන කරුණු නිසා බව දැක්වේ. මෙම අහිතකර තත්ත්වය නවතාලීමට නීතිවිරෝධි සමාගම් හා ක්‍රමවේදවලට පනවන දඩ මුදල් හා දඬුවම් ඉතා සුළු හා ලිහිල් වීම කිසිසේත් අනුබල නොදෙයි. තවත් ප්‍රධාන ගැටළුවක් ලෙස රැකියා කොන්ත්‍රාත්තුවේ කාල පරාසය පිරීමට ප්‍රථමයෙන් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම දැක්විය හැක. සුලබම සිදුවන මෙම කටයුත්ත නිසා තම කොන්ත්‍රාත්තුව අවලංගු වූ සේවකයන් හට සති 2ක කාලයක් ඇතුළත නව සේවාදායකයෙකු සොයා ගත යුතු වන අතර එසේ නැතහොත් හොංකොං රාජ්‍යයෙන් පිටමං වීමට සිදුවේ. මෙම තත්ත්වය ගෘහ සේවකයින් සඳහා ඉතා වැඩි අවදානමක් හා පීඩාකාරී රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයට අමතරව සංක්‍රමික ශ්‍රමිකයන් හට රැකියාවනට අදාළ වෙනත් ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. බොහෝ ශ්‍රමිකයින් හට තම රැකියා කොන්ත්‍රාත්කරුවේ සඳහන්  වැඩ රාජකාරි වලට පරිබාහිර වුත් අමතර වූත් වැඩ කරන්නට සිදුවීම බොහෝ විට ගෘහ සේවකයින් හට මුහුණ දීමට සිදුවේ. නියමිත දෛනික වැඩ වේලාවට අමතර වේලාවක් වැඩ කිරීමට සිදු වීමත් අවශය පමණට විවේකයන් නොලැබීමත් පොදු ගැටළු බවට පත් වී ඇත. උපරිම වැඩ පැය ගණනක් නීති සම්පාදනය තුළ වැඩි වේලාවක් වැඩ කිරීමට සිදුවීම විටෙක ගෘහ සේවක තම සේවාදායකයන්ගේ නිවාස පරිශ්‍රය තුළ ජිවත් වීමේ අනිවාර්ය නීතිමය අවශ්‍යතාව මත විය හැකි බවත් පෙනීමට තිබේ. මෙම තත්ත්වය උඩ සේවා කාලය දිනකට පැය කොපමණද යන්න නිශ්චිතව කීමට හෝ වෙන් කර දැක්වීමට අපහසු බවත් පෙනෙන්නට තිබේ. ගෘහ සේවකයන් හට තමන්ටම වෙන් වූ කාමර සපයා නොදී බොහෝ විටෙක සේවාදායකයාගේ පවුලේ සාමාජියන් සමඟ කාමර පොදුවේ පාවිච්චි කිරීමට සිදුවීම නිසා පෞද්ගලිකත්වයට ඉඩ ඇහිරී ගොස් ඇත. අතවර අපයෝජනයට ලක් වූ අවස්ථාවලදී මෙම ගෘහ සේවකයින්ට උපකාරක සේවාවන්හි පිහිට පැතීමට පවා මෙම ත්තතවයන් ඉඩ හරස් කරන බව සොයා ගෙන ඇත. 

 

හොංකොං රාජ්‍යය තුළ ගෘහ සේවකයින්ගේ රැකියා වාතාවරණය ඉතා අවදානම් ලෙස සැළකෙන බැවින් පිලිපීනය හා ඉන්දුනීසියාව එම රටවලින් ගෘහ සේවය සඳහා හොංකොං රටට ශ්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන් තාවකාලික තහනම් පනවා ඇත. පසුව පිලිපීනය මෙම තහනම ඉවත් කළද ඉන්දුනීසියාව තම තහනම එලෙසම පනවා තබා ඇති මුත් නීති ප්‍රකාරව ක්‍රියාත්මක කරවා නැත. මෙවැනි තහනම් හා වාරණ අක්‍රමවත් ශ්‍රමික සංක්‍රමනය වර්ධනය කරයි. සංක්‍රමික ශ්‍රමිකයන්ගේ රැකවරණය උදෙසා හොංකොං රජය ගෙන ඇති ඌන ක්‍රියා මාර්ග විවේචනයට ලක් වී ඇත. නීති රෙගුලාසි ස්ථාපිත කර තිබුණද බොහෝ සෙයින් “කාන්තා උදව්කරුවන්” හට අත්විඳීමට සිදුවන උපයෝජන හා අවදානම් හිරිහැර කරදර මඟ හරවා ගැනීමට අසමත් වී ඇත. ලියැන්ග් (2016) සඳහන් කරන පරිදි මෙම තත්ත්වයට පාදක වී ඇත්තේ හොංකොං රාජ්‍යය තුළ ආගමන විධිවිධාන හා රෙගුලාසි ගෘහ සේවාවේ  “උදව්කරුවන්ට” අදාළ නොවිමයි. උදාහරණයක් ලෙස මෙම ගෘහ සේවකයින් හට හොංකොං රට තුළ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට හෝ තම පවුලේ උදවිය හොංකොං රටට ගෙන්වා ගැනීමට අවසර නොමැත. මෙම වරප්‍රසාදය වෙනත් රැකියා හිමියන්ට ලැබෙන මුත් ගෘහ සේවකයින් සඳහා එම අවකාශය නොමැත. මොවුන්ගේ අවම වේතනය හරි අඩක් වන බවද දක්වා තිබේ. පරස්පර විරෝධි කම්කරු ප්‍රතිපත්ති හා රෙගුලාසි ද (සේවකයන්ගේ මව් රටේ හා සේවය කිරීමට පැමිණෙන රටේ බලපවත්වන) මෙම තත්ත්වය තවත් ව්‍යාකූල කර ඇත. 

 

හොංකොං රාජ්‍යය තුළ සේවක අයිතීන් හට ඇති පිළිගැනීම ගැන වැඩි විස්තර ITUC ලෝක අයිතිවාසිකම් දර්ශකය වෙත මෙතනින් පිවිසෙන්න.