වර්ෂය

නීති සම්පාදනය/නීති පැනවීම

හැඳින්වීම

1997 

1997 රෙගුලාසි අංක 36 කම්කරු ව්‍යවස්ථාව නීති අංක 08/1996 ලේඛන අංක 2 මගින් ඉදිරිපත් කරන ලද මෙම රෙගුලාසි විදේශික ශ්‍රමිකයන්ගේ රැකියා බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් නියමයන් සඳහන් කොට ඇත.

මෙමගින් සේවකයෙකුගේ රැකියා බලපත්‍රය සඳහා සේවාදායකයෙකු කළ යුතු ගෙවීම් සම්බන්ධයෙන් රෙගුලාසි අන්තර්ගතයි. වසරකට අඩු කාලයකට අළුත් කිරීමේදී අළුත් නොවන කෘෂි කාර්මික ක්‍ෂේත්‍රයේ හෝ හෙද සේවයේ නොයෙදන සේවකයින් සඳහා ජෝර්දාන් ඩොලර් 300 (ඇමරිකන් ඩොලර් 423) සියළු අරාබි ජාතිකයින් (කෘෂි කාර්මික හා හෙද සේවයේ නොයෙදෙන) සඳහා ජෝර්දාන් ඩොලර් 100 (ඇමරිකානු ඩොලර් 141) කෘෂිකාර්මික හා හෙද සේවයේ නියුතු විදේශිකයන් සඳහා ජෝර්දාන් ඩොලර් 50 (ඇමරිකානු ඩොලර් 70), කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ නියුතු අරාබි ජාතිකයන්ට ජෝර්දාන් ඩොලර් 10 (ඇමරිකානු ඩොලර් 14) 

1999

අනුමත කාර්මික කලාපවල සේවය සඳහා විදේශික සේවකයින් බඳවා ගැනීම සහ සේවය සඳහා යෙදවීම සඳහා අදාළ උපදෙස්, කොන්දේසි හා ක්‍රියා පටිපාටිය දැක්වේ. 

අනුමත කාර්මික කලාප තුළ සේවය සඳහා විදේශික සේවකයින් බඳවා ගැනීම හා යෙදවීම සඳහා නිසි ක්‍රියා පටිපාටිය දක්වා තිබේ. මෙම ආයතන වල නිෂ්පාදන දක්වා ඇති නිර්ණායක සපුරා ලිය යුතු අතර එම ආයතන ආයෝජන ප්‍රවර්ධන නීතියට අනුකූල විය යුතුය.

1999

විදේශික ශ්‍රමිකයන් ගෙන ඒම සහ සේවයේ යෙදවීම සඳහා සපුරාලිය යුතු කොන්දේසි හා ක්‍රියා පටිපාටිය පිළිබඳ උපදෙස් දැක්වේ. මෙය 1997 රෙගුලාසි 36 ලේඛන අංක 3 - විදේශිකයන් හට රැකියා බලපත්‍ර ගාස්තු නියමයන් හා බැඳේ. 

විදේශික ශ්‍රමියෙකු සේවයේ යෙදවීම සඳහා සේවාදායකයෙකු විසින් ඉල්ලුම් කිරීමේදී පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටිය මෙහි දැක්වේ. මෙම කරුණු අතර කම්කරු අමාත්‍යාංශය වෙත රැකියා කොන්ත්‍රාත්තුවේ සහ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ පිටපත් යැවීම ගැන අවධාරණය කරයි. සේවාදායකයෙකු රැකියා බලපත්‍රය අළුත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම කටයුත්ත එම රැකියා බලපත්‍රය කල් ඉකුත් වීමේ දිනට මාසයකට පෙර ඉල්ලුම් පත්‍රය ඉදිරිපත කළ යුතුය.

2000

විදේශික සේවකයින්ගේ රැකියා බලපත්‍ර හා සබැඳි රෙගුලාසි සංශෝධන පිළිබඳ විධිවිධාන.

මෙමගින් විදේශිකයන් සඳහා නිකුත් කරන ලද රැකියා බලපත්‍ර සම්බන්ධ 1994 රෙගුලාසි අංක 36 (ලේඛන අංක 2 පරිදි) දක්වා ඇති ගාස්තු සංශෝධනයට ලක් කෙරේ. නව ගාස්තු දක්වා තිබේ

2003

විදේශික ශ්‍රමිකයන් ගෘහ සේවය සඳහා ගෙන ඒම සහ යොදවා ගැනීම විධිවිධාන පෞද්ගලික ආයතනවල ක්‍රියාදාමය විධිමත් වන ලෙස නිකුත් කරන ලද නියමයන් අංක 3/2003. 

විදේශික ශ්‍රමිකයන් ගෘහ සේවයේ යෙදවීමට පුහුණු කර ඇති රැකියා ඒජන්සි වෙත බලපත්‍ර නිකුත් කිරීමත් ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය ක්‍රමවත් හා විධිමත් කිරීමත් අරමුණු කොට ඇත.

2006 

2006 වසර තුළ රට තුළ විදේශික ශ්‍රමිකයන් ගෘහ සේවය සඳහා ගෙන ඒම සහ එම සේවයේ යෙදවීම සිදු කරන පෞද්ගලික ආයතන වෙත බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් අදාළ වන කොන්දේසි සහ ක්‍රියා පටිපාටිය ක්‍රමවත්ව/විධිමත්ව පාලනය කිරීම සම්බන්ධව ඇති නියමයන් ද දැක්වේ.

මෙම උපදෙස් මාලාව මගින් විදේශික ගෘහ සේවය සඳහා ජෝර්දානය වෙත ගෙන එන හා සේවයේ යොදවන කටයුතු වල නිරත වන පෞද්ගලික ආයතන වල කටයුතු අධීක්ෂණය සඳහා කමිටුවක් පත් කෙරිණි. එමගින් ඉල්ලුම් පත් බාර ගැනීමත්, බලපත්‍ර අළුත් කිරීමත් (රැකියා ඒජන්සි) සිදු කෙරේ. බලපත්‍ර ඉල්ලුම් කිරීමේ ක්‍රියා පටිපාටිය දක්වයි. සේවා දායකයා හා පෞද්ගලික ඒජන්සි ආයතනය අනුමැතිය ලබා දිය යුතුය. එමෙන්ම සේවකයෙකු රට තුළට ගෙන ඒමේදී හා පිටවන අවස්ථාවේදී, සිය රටට හරවා යවන අවස්ථාවේදී ඒජන්සි ආයතනය මත පැවරෙන වගකීම් පෙන්වා දෙයි. අවසාන වශයෙන් අමාත්‍යාංශය වෙත ගෙවිය යුතු මුදල් පිළිබඳ විස්තර ද, නිවාස හිමිකරු විසින් රැකියා ඒජන්සි ආයතනය වෙත ගෙවිය යුතු ගාස්තු ද සඳහන් වේ.