කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ කථා

බොඳවූ බලාපොරොත්තු හා බිඳුණු ජීවත - විදේශික ශ‍්‍රමිකයාගේ ජීවන ගමන
අප ගමේ විදේශ රැකියා ආයතන නියෝජිතයෙකුගෙන් මසකට ඇ.ඩො. 400 වැටුපක් උපයා ගත හැකි විදෙස් රැකියා වරමක් ගැන දැන ගැනීමට ලැබුණි. ඔවුන් පැවසු ආකාරයට රැකියා වරම් තිබුණේ කඩදාසි නිපැයුම් කර්මාන්ත ශාලාවක දිනකට පැය 8ක හා සතියකට දින 6 වැඩ කාල සීමාවකට යටත්වයි. ඔවුන් තවදුරටත් කියා සිටියේ රැකියා වරම් ලබා දීම සඳහා පෙර ගෙවීමක් අවශ්‍ය නොවන බවත්, එම ගාස්තුව වැටුපෙන් කපා හැර ගන්නා බවත්ය.
රැකියාව සඳහා පිටත්ව යාමට සතියකට පෙර අගනුවරට ගමන් ඇරඹු අපි පෙර පුහුණු පාඨමාලාව සඳහා අනුගත වීමු. අප රැකියා කොන්ත‍්‍රාත්තු ලියකියවිල්ල පිළිබඳ රැකියා ඒජන්සි ආයතනයෙන් විමසුවද, ඔවුන් පැවසුවේ ඒ ගැන කණගාටු නොවන වගටත්, එම ලියකියවිල්ල පිටත් වීමට පෙර ලබා දෙන බවත්ය.
රැකියාව සඳහා පිටත්වන දිනදී, ගුවන්තොටුපොල පරිශ‍්‍රයේදී රැකියා කොන්ත‍්‍රාත්තු ලියකියවිල්ලට අත්සන් තබන ලෙස අප හට දැනුම් දෙන ලදී. එහි කොන්දේසි අප හට රැකියා ඒජන්සිය පොරොන්දු ප‍්‍රකාරව නොතිබු අතර වැටුප ඇ.ඩො. 200 ලෙස සඳහන් කොට තිබුණි. මෙයට අමතරව ඇ.ඩො. 100 වටිනාකමකින් යුතු රිසට් පතක් අප වෙත ලබා දී එය සඳහා මුදල් ගෙවිය යුතු බවද දැනුම් දුනි.
අපගේ දැඩි කනස්සල්ල හා දුංඛිත භාවය පෙරදැරිව සියල්ල ඉවසා දරා සිටීමට සිදු වූයේ, අප පිටත් වීමට මොහොතකට පෙර වූ මෙම අසාධාරණය, උදව් බලාපොරොත්තුවෙන් සිටින අපගේ පවුල්වල සාමාජිකයින්ගෙන්ද සගවා ගෙනය.
ඉතා දීර්ඝ ගුවන් ගමනකින් පසුව විදෙස් රටට පැමිණි පසු අප හට නව රැකියා කොන්ත‍්‍රාත්තුවක් ලබා දුන් අතර අප විසින් අත්සන් කරන්නට යෙදුන එම කොන්ත‍්‍රාත්තුව බලධරයන් හට ඉදිරිපත් කරන බවද ප‍්‍රකාශ කෙරුනි
මෙම කොන්දේසි ප‍්‍රකාරව අප වැඩ කළ යුතුව තිබුණේ පයිප්ප නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි. මසක වැටුප ඇ.ඩො. 200ක් බව එහි සඳහන්ව තිබුණි. එහි පිටපතක් අපට ලබා නොදුන් අතර, අපගේ ගුවන් ගමන් බලපත‍්‍රද ඔව්හු අත්පත් කර ගත්හ
කර්මාන්ත ශාලාවේ වැඩ ඉතා දුෂ්කර විය. අපගේ සෞඛ්‍ය මට්ටම් ඉතා සීඝ‍්‍රයෙන් පහත වැටුනි. කිසිඳු අතිකාල ගෙවීමකින් තොරව දිනකට පැය 10-12 කාලයක් සේවාවේ යෙදීමට අප හට සිදුවුනි. ප‍්‍රථම මාස 6 තුළ ඉපැයු මුදල් රැකියා ඒජන්සි ආයතනයේ ගාස්තු ගෙවීම් සඳහා යෙදවීමු.
අපගේ පළමු වැටුප් චෙක්පත ලැබුණේ මාස 7ක් ගෙවී ගිය පසුවය. එයද ඇ.ඩො. 100ක් සඳහා පමණි. රැකියා කොන්ත‍්‍රාත්තුවේ සඳහන් වැටුපෙන් හරි අඩක් පමණක් ලබා දීම සම්බන්ධව අප සේවා ආයතනයෙන් ප‍්‍රශ්න කල විට ඔවුන් පැවසුවේ අපගේ නවාතැන්/ඉඳුම් හිටුම් හා ආහාර පාන සඳහා ඉතිරි මුදල කපා ගත් බවය.
අපි ඉතා අසරණ වීමු. අපි රැකියා වාතාවරණයේ වෙනසක් උදෙසා ඇයද සිටිමු. රැුකියාවට වාර්තා නොකර සිටියහොත් අපව ආපසු මව් රටට හරවා යවන බවට දන්වන ලදී.
අවසානයේදී අප මව් රටේ වාසය කරන අපගේ පවුල් සාමාජිකයින් හා සම්බන්ධ වී බලධරයන් වෙතිනුත් විදේශ ශ‍්‍රමිකයන්ගේ සුභ සිද්ධිය සඳහා කැපවෙන ආයතනයක් වෙතිනුත් අපගේ අසරණ භාවය සඳහා පිළියමක් ඉල්ලා සිටියෙමු. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම ආයතනයේ උපකාර ඇතිව කම්කරු අමාත්‍යාංශයේ නඩුවක් ගොනු කළෙමු. එමගින් අප හට පොරොන්දු වූ වැටුප ලබා ගැනීමට හැකි විනි.

 

Migrant workers reporting their case to migrant rights organisation to seek foe help
Migrant workers filed their complaint about their recruitment process to a local union.
රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව මා විසින් ලබා ගෙන තිබුණේ නම් රැකියා ඒජන්සි ආයතන හා සේවා ස්ථාන විසින් සේවක සේවිකාවන් හට සලකන අයුරු පිළිබඳ හොඳින් දැනුවත් වන්නට තිබුණි.
මා හට විඳින්නට වූ දුක් ගැහැට, කම්කටොළු අන් කිසිම සේවකයකුට සේවිකාවකට විඳින්නට අවස්ථාවක් නොතිබිය යුතුය.
සංක‍්‍රමික ශ‍්‍රමිකයන්ගේ අයිතින් පිළිබඳ දැනුවත් වීමට මයිග‍්‍රන්ට් රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව පාවිච්චි කරන්න.
මෙම නඩුකරය මයිග‍්‍රන්ට් ෆෝරම් ඒෂියා (ආසියා සංක‍්‍රමික සංසඳය) වෙත ගොනු කරන ලද අතර එය හම්සා පැමිණිලි ක‍්‍රමවේදය ඔස්සේ ලේඛන ගත වනු ඇත. හම්සා පැමිණිලි ක‍්‍රමවේදය රැකියා ලබා ගැනීමේ/කිරීමේදී ශ‍්‍රමකයන්ට මුහුණ පෑමට සිදුවන අක‍්‍රමිකතා, වංචා හා අයුතු ප‍්‍රයෝජන ගැනීම්, අප යෙදුම් ආදිය පිළිබඳ වාර්තා කිරීමේ ක‍්‍රම පටිපාටියකි. මෙසේ සංක‍්‍රමික ශ‍්‍රමිකයින් විසින් වාර්තා කරනු ලබන පැමිණිලි විභාග කරනු ලබන්නේ මයිග‍්‍රන්ට් ෆෝරම් ඒෂියා සහ සබැඳි සංගම් වල සාමාජිකයන් විසිනි. සංක‍්‍රමික ශ‍්‍රමකයින්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම උදෙසා වාර්තා කරනු ලබන්නන්ගේ නම් වෙනස් කොට ඇතත් සඳහන් දත්ත, තොරතුරු හා සිදුවීම් කිසිඳු වෙනස් කිරීමකින් තොරව ඉදිරිපත් කොට ඇත.
අන්තර්ජාතික වෘතීය සමිති සංසදය සහ ආසියාවේ සංක්‍රමික සංසදය යන ආයතන සංක්‍රමික ශ්‍රමික බලකාය ප්‍රවර්ධනයෙහි නිරත වන ආයතන දෙකකි.මෙහි ප්‍රකාශිත අත්දැකීම් කියවන නවක සංක්‍රමික ශ්‍රමිකයින්හට පළපුරුදු ශ්‍රමිකයින්ගේ අත්දැකීම් මහගු පිටුවහලක් වන බව අපට ඉතා පැහැදිලි කරුණකි.
ඔබගේ රැකියා වාතාවරණය පිළිබඳ තොරතුරු/ අත්දැකීම් රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව සමග බෙදා ගන්න
ඔබගේ රැකියා ඒජන්සි ආයතනය/ බ්‍රෝකර්වරයා/ඒජන්තවරයා ඇගයීමකට ලක් කරන්න.
ඔබගේ අයිතීන් දැන ගන්න.
ඔබ හට පිහිටක් විය හැකි ආයතන සොයා දැන ගන්න.

 

 

 

නිරාහාරව සිරගතව දවස් ගත කළෙමි
මා කල වරද නොකිරීමට වග බලා ගන්න. රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව ඔස්සේ ඔබගේ රැකියා ඒජන්සි ආයතනය සහ සේවා ආයතනය පිළිබඳ නිවැරදි තොරතුරු පරීක්ෂා කිරීමට වග බලා ගන්න.
මාගේ පවුලේ උන්නතිය උදෙසා විදෙස් රටක සේවය කිරීමට මම බෙහෙවින් ඇලූම් කලෙමි.
මම ජීවත් වන ගමේ රැකියා අවස්ථා විරලයි. බොහෝ පවුල්වල අඩුම තරමින් එක් සාමාජිකයකුවත් විදස් රටක රැකියාවක් කරමින් තම පවුල් නඩත්තුව සඳහා උපකාර කරයි.
ගෙවතු/උද්‍යාන කම්කරුවෙකු ලෙස ඇ.ඩො. 300 මාසික වැටුපක් සහිත විදේශ රැකියා වරමක් ගැන මම අසල්වැසියෙකුගෙන් දැන ගතිමි. කල යුතු වැඩ අසීරු නොවන බවත්, මාගේ පවුල වෙත සෑහෙන තරම් මුදලක් ඉතිරි කර එවීමට හැකි වනු ඇති බවටත් දැන ගතිමි.
මම රැුකියා වරම් උදා කර ගැනිමේ බලාපොරොත්තුවෙන් මම රැකියා ඒජන්සි ආයතනයක් වෙත ඇ.ඩො. 600 ක මුදලක් ගෙවීමක් සිදු කළෙමි.
රැකියාව සඳහා විදෙස් ගත වීමට මසකට පෙර මාගේ රැකියා කොන්ත‍්‍රාත්තු ලියවිල්ල හා රැකියා අවසර පත‍්‍රය පිළිබඳ ඒජන්සි ආයතනයෙන් විමසුවෙමි. ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය පිළිබඳ දැනුවත්ව සිටි බැවින් මාගේ රැකියාවට එමගින් බලපෑමක් ඇතිවේදැයි විමසුවෙමි. මා පිටත්ව යෑමට බලාපොරොත්තුවෙන් රටේ කොරෝනා වයිරස් තත්ත්වයක් නොමැති බව ඒජන්සි ආයතනය දන්වා සිටි පසු මම පිටත්ව යාමට ප‍්‍රථමයෙන් රැකියා කොන්ත‍්‍රාත්තුවට අත්සන් තැබුවෙමි.
මා විදෙස් ගතවීමට නියමිත දිනයේදී , මට අත්සන් කිරීමට රැකියා කොන්ත්‍රාත්තුවක් ලැබිණි. එහි සදහන් වූ පරිදි මාගේ මාසික වැටුප වුයේ ඇ.ඩො 200 පමණි.
මට මෙම ලියකියවිල්ල අත්සන් කිරීම සිත් නොදුන් නමුත් මේ වන විට ඇ.ඩො 600 රැකියා එජන්ත වරයාට ගෙවා තිබු නිසා වෙන යමක් කල නොහැකි විය. මෙම ගෙවීම සම්බන්දව මම රෙසිට් පතක් ඉල්ලු විට මට ලැබුනේ ඇ.ඩො.100 මුදලක් ලබා ගත් බවට රෙසිට් පතකි. එම අගය ඒ රටේ රැකියා ඒජන්තවරයකු විසින් අය කල හැකි උපරිම මුදල් ප්‍රමාණය බව දැනගතිමි.
මම විදෙස් රටට ගොඩබස පසු වෙනත් රැකියා ඒජන්සි ආයතන නියෝජිතයකු විසින් වෙනත් රැකියා කොන්ත‍්‍රාත්තුවකට මගේ අත්සන ලබා ගන්නා ලදී. එම කොන්ත‍්‍රාත්තුවේ පිටපතක් මා වෙත ලබා නොදුන් අතර මාගේ ගුවන් ගමන් බලපත‍්‍රයද රැකියා ආයතනය විසින් ලබා ගන්නා ලදී .
වැඩ පොලට වාර්තා කරන දිනයේදී මට හැගී ගියේ රක්ෂාව කළ යුත්තේ ඉඳි කිරීම් කම්කරුවකු ලෙස බවත් වතු/උද්‍යාන කම්කරුවකු ලෙස නොවන බවත්ය. දිනකට පැය 12ක වැඩ සිදු කළ යුතු අතර ප‍්‍රථම මාසයේ වැටුපද ගෙවීම පැහැර හරින ලදී.
නිසි නේවාසික පහසුකම් නොලද අතර ඉදිකිරීම් වැඩපොල අසල එක කාමරයක් තුළ තවත් 15 දෙනෙකු සමග ලැගුම් ගැනමට සිදුවිනි.
මාස දෙකක් මෙසේ ගෙවී ගිය පසු එම රටේ බලපවත්වන කොරෝනා නිරෝධායන විධිවිධාන වලට අනුකූලව වැඩ බිමේ වැඩකටයුතු නවත්වන්නට යෙදුනි.
සති තුනක අඛණ්ඩ නිවාස අඩස්සියේ සිටි අප සියළු දෙනාහට ආයතනය මගින් ආහාර පාන සැපයීම නැවැත් වූ හෙයින් අතිමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය.
ආහාර පාන ලබා ගැනීමට කඩ පිලට පවා යාමට නොහැකි වූයේ පොලිස් රෙගුලාසි මත අත්අඩංගුවට පත්වීමේ හැකියාව තදින් බලපැවැත්වූ නිසාය.
මුහුනු පොතේ පල කල අපගේ ජයාරූප මගින් මෙම දුස්ඛර තත්ත්වය පිළිබඳ අන් අයගේ උදව්, උපකාර හා මැදිහත්වීම් බලාපොරොත්තු වීමු.

 

Migrant workers from different origin countries about to return home after seeking help for repatriation
Migrant workers from different origin countries were waiting for the repatriation process
රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව මා විසින් ලබා ගෙන තිබුණේ නම් රැකියා ඒජන්සි ආයතන හා සේවා ස්ථාන විසින් සේවක සේවිකාවන් හට සලකන අයුරු පිළිබඳ හොඳින් දැනුවත් වන්නට තිබුණි.
මා හට විඳින්නට වූ දුක් ගැහැට, කම්කටොළු අන් කිසිම සේවකයකුට සේවිකාවකට විඳින්නට අවස්ථාවක් නොතිබිය යුතුය.
සංක‍්‍රමික ශ‍්‍රමිකයන්ගේ අයිතින් පිළිබඳ දැනුවත් වීමට මයිග‍්‍රන්ට් රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව පාවිච්චි කරන්න.
මෙම නඩුකරය මයිග‍්‍රන්ට් ෆෝරම් ඒෂියා (ආසියා සංක‍්‍රමික සංසඳය) වෙත ගොනු කරන ලද අතර එය හම්සා පැමිණිලි ක‍්‍රමවේදය ඔස්සේ ලේඛන ගත වනු ඇත. හම්සා පැමිණිලි ක‍්‍රමවේදය රැකියා ලබා ගැනීමේ/කිරීමේදී ශ‍්‍රමකයන්ට මුහුණ පෑමට සිදුවන අක‍්‍රමිකතා, වංචා හා අයුතු ප‍්‍රයෝජන ගැනීම්, අප යෙදුම් ආදිය පිළිබඳ වාර්තා කිරීමේ ක‍්‍රම පටිපාටියකි. මෙසේ සංක‍්‍රමික ශ‍්‍රමිකයින් විසින් වාර්තා කරනු ලබන පැමිණිලි විභාග කරනු ලබන්නේ මයිග‍්‍රන්ට් ෆෝරම් ඒෂියා සහ සබැඳි සංගම් වල සාමාජිකයන් විසිනි. සංක‍්‍රමික ශ‍්‍රමකයින්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම උදෙසා වාර්තා කරනු ලබන්නන්ගේ නම් වෙනස් කොට ඇතත් සඳහන් දත්ත, තොරතුරු හා සිදුවීම් කිසිඳු වෙනස් කිරීමකින් තොරව ඉදිරිපත් කොට ඇත.
අන්තර්ජාතික වෘතීය සමිති සංසදය සහ ආසියාවේ සංක්‍රමික සංසදය යන ආයතන සංක්‍රමික ශ්‍රමික බලකාය ප්‍රවර්ධනයෙහි නිරත වන ආයතන දෙකකි.මෙහි ප්‍රකාශිත අත්දැකීම් කියවන නවක සංක්‍රමික ශ්‍රමිකයින්හට පළපුරුදු ශ්‍රමිකයින්ගේ අත්දැකීම් මහගු පිටුවහලක් වන බව අපට ඉතා පැහැදිලි කරුණකි.
ඔබගේ රැකියා වාතාවරණය පිළිබඳ තොරතුරු/ අත්දැකීම් රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව සමග බෙදා ගන්න
ඔබගේ රැකියා ඒජන්සි ආයතනය/ බ්‍රෝකර්වරයා/ඒජන්තවරයා ඇගයීමකට ලක් කරන්න.
ඔබගේ අයිතීන් දැන ගන්න.
ඔබ හට පිහිටක් විය හැකි ආයතන සොයා දැන ගන්න.


 

 

 

Woman migrant domestic worker filling in a complaint form
Migrant domestic worked filed a complaint to a local organisation about her recruitment agency and employer.

 

බලහත්කාරයෙන් වෙන් කොට නිරාහාරව තැබීම හා ගුටිබැටවලට ලක්වීම.
මා කල වරද නොකිරීමට වග බලා ගන්න. රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව ඔස්සේ රැකියා ඒජන්සි ආයතනය හා ඔබගේ සේවා ආයතනය පිළිබඳ නිවැරදි තොරතුරු පරීක්ෂා කිරීමට අනිවාර්‍යයෙන්ම වග බලා ගන්න.
මාගේ සැමියා අන්ධයෙකි. මාගේ පවුලේ එකම මුදල් උපයන්නා මම වීමි. මව් රට තුළ කල රැකියවක් මගින් පවුලේ නඩත්තුවට සෑහෙන මුදල් ඉපයීමට අපොහොසත් වීමි.
මම ගෙවල් පිරිසිදු කරන්නියක් ලෙස රැකියාවේ නිරත වුනෙමි. ගෙවල් ගානේ සතියකට තුන් වතාවක් ගොස් ඒවා පිරිසිදු කිරීමටද, නිවෙස් දෙකක ඇඳුම් සෝදා දීමද මට අයිති වැඩ කටයුතු විය. එනමුත් පවුලේ වියදමට එම අදායම මදිවිය.
අප ගම් ප‍්‍රදේශයේ අප වැනි අය සඳහා විදෙස් රැකියා වරම් ලබා දෙන රැකියා බ්‍රෝකර්වරයකු ගැන අසල්වාසියෙකුගෙන් දැන ගන්නට ලැබිණි.
බ්‍රෝකර්වරයා මට ඇ.ඩො. 300 මාසික වැටුපක් සහිත රැකියා වරමක් පොරොන්දු වුනි. එමගින් යම් මුදලක් ඉතිරි කර පවුල වෙත එවීමට හැකියාව පැවතුනද ඇ.ඩො. 750 මුදලක් රැකියාව ලබා ගැනීමේ ගාස්තු ලෙස ගෙවිය යුතුවු අතර, බ්‍රෝකර්වරයා මට දන්වා සිටියේ එම මුදලින් මාසේ වීසා ගාස්තු, ගුවන් ගමන් ගාස්තු, වෛද්‍ය පරීක්ෂණ ගාස්තු හා පෙර පුහුණු ගාස්තුද ආවරණය වන බවයි.
මෙම මුදල සොයා ගැනීමට අප සතුව තිබූ කුඩා ගොවිපල උකස් කිරීමට සිදුවිය.
මෙම මුදල ගෙවූ පසු මාස 3කින් මා හට රැකියාව සඳහා පිටත් වීමට සිදුවුනු බව දැනුම් දෙන ලදී. ගුවන් ගමන් බලපත‍්‍රය හා ෙවෛද්‍ය පරීක්ෂණ වලටද ඉදිරිපත් වුනෙමි. එනමුදු නිපුණතා පුහුණුවක්/පෙර පුහුණුවක් නොලදිමි.
පිටත්වීමට දින දෙකකට පෙර අගනුවර වෙතට ගමන් ඇරඹූ මම රැකියා ඒජන්සි ආයතනයේ ලැගුම් ගතිමි. එහිදී මා හට රැකියා කොන්ත‍්‍රාත්තු ලියකියවිලි වලට අත්සන් කිරීමට දැනුම් දුනි. එනමුදු එහි සඳහන් කිසිවක් මට කියවා තේරුම් ගත නොහැකි වූයේ මා හට නුපුරුදු භාෂාවකින් එය ලියා තිබූ බැවිනි.
ගෘහ සේවිකාවන් වූ තවත් කාන්තාවන් 10 දෙනෙකු සමග මම විදෙස් ගත වුනිමි. එම රටට පැමිණි වහාම අපට නියමිත වූ ගෘහයන් වෙත යැවුනේ කිසිඳු පෙරහරුවක් හෝ පුහුණුවකින් තොරවයි.
මට භාර වී තිබු වැඩ කොටස මා අතිශයින් විඩාවට පත් කළේය. නිවෙස් 3ක දිනකට පැය 15ක කාලයක් පිරිසිදු කිරීම්, ඉයුම් පිහුම් කටයුතු වල නිරත විය. කිසිඳු නිවාඩු දිනයක් නොලද අතර මාගේ පවුලේ අය හා සම්බන්ධවීමට ජංගම දුරකථනයක් භාවිතා කිරීමද තහනම් කර තිබුණි.
මෙසේ මාස 3 කාලයක් ගතවුනද කිසිඳු වැටුපක් නොලදමි. මෙම තත්ත්වය තවදුරටත් විඳ දරා ගැනීමට නොහැකි වූ විට නිවෙස් 3 ක වැඩ කිරීමට ඇති දුෂ්කරතාවය මම රැකියා ඒජන්සි ආයතනයට දන්වා සේවා ස්ථාන මාරුවක් ඉල්ලා සිටියෙමි.
මෙතැන් පටන් කායික අඩත්තේට්ටම්, මට වද හිංසා වලට ලක් වන්නට සිදු විය. මා හට රැකියා ස්ථාන මාරුවක් ලබා දුන් නමුදු එම නිවෙස් හිමියා මට පහර දෙන්නටත් ඉතා ස්වල්ප ලෙස ආහාර පාන ලබා දීමට තරම් කටුක විය. නිවාඩු වලින් තොර දීර්ඝ වැඩ මුර මගේ දින චරියාව බවට පත්විය.
පුරා මාස 5ක අපමණ වද හිංසා, කම්කටොලූ විද ලද මුල්ම වැටුප මා මහත් කම්පනයට ලක් කළේය. ඇ.ඩො. 150 වූ එම මුදල මාගේ හාම්පුතා විසින් රැකියා ඒජන්සි ආයතනය හා එකග වූ මුදල බවට ප‍්‍රකාශ කර සිටියේය.
මාස 10 කාලයක් ගත වූ පසු මාගේ තත්ත්වය පිළිබඳ භීතියටත්, බලාපොරොත්තු සුන්වූ මානසික මට්ටමකටත් ඇද වැටී තිබුණි. විදේශ ශ‍්‍රමිකයන්ගේ සුභ සිද්ධිය උදෙසා කැප වෙන ආයතනයක පිහිට පතන්නට මා තීරණය කරන විට මාගේ සෞඛ්‍ය තතත්වය පිරිහී ශරීරය ඉතා කෘෂ වී හමාරය. පිට ප‍්‍රදේශයේ හා අත්වල සීරීම්, තැලීම් වල කැලැල් පැහැදිලි ලෙස පෙනෙන්නට විය.
 
රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව මා විසින් ලබා ගෙන තිබුණේ නම් රැකියා ඒජන්සි ආයතන හා සේවා ස්ථාන විසින් සේවක සේවිකාවන් හට සලකන අයුරු පිළිබඳ හොඳින් දැනුවත් වන්නට තිබුණි.
මා හට විඳින්නට වූ දුක් ගැහැට, කම්කටොළු අන් කිසිම සේවකයකුට සේවිකාවකට විඳින්නට අවස්ථාවක් නොතිබිය යුතුය.
සංක‍්‍රමික ශ‍්‍රමිකයන්ගේ අයිතින් පිළිබඳ දැනුවත් වීමට මයිග‍්‍රන්ට් රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව පාවිච්චි කරන්න.
මෙම නඩුකරය මයිග‍්‍රන්ට් ෆෝරම් ඒෂියා (ආසියා සංක‍්‍රමික සංසඳය) වෙත ගොනු කරන ලද අතර එය හම්සා පැමිණිලි ක‍්‍රමවේදය ඔස්සේ ලේඛන ගත වනු ඇත. හම්සා පැමිණිලි ක‍්‍රමවේදය රැකියා ලබා ගැනීමේ/කිරීමේදී ශ‍්‍රමකයන්ට මුහුණ පෑමට සිදුවන අක‍්‍රමිකතා, වංචා හා අයුතු ප‍්‍රයෝජන ගැනීම්, අප යෙදුම් ආදිය පිළිබඳ වාර්තා කිරීමේ ක‍්‍රම පටිපාටියකි. මෙසේ සංක‍්‍රමික ශ‍්‍රමිකයින් විසින් වාර්තා කරනු ලබන පැමිණිලි විභාග කරනු ලබන්නේ මයිග‍්‍රන්ට් ෆෝරම් ඒෂියා සහ සබැඳි සංගම් වල සාමාජිකයන් විසිනි. සංක‍්‍රමික ශ‍්‍රමකයින්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම උදෙසා වාර්තා කරනු ලබන්නන්ගේ නම් වෙනස් කොට ඇතත් සඳහන් දත්ත, තොරතුරු හා සිදුවීම් කිසිඳු වෙනස් කිරීමකින් තොරව ඉදිරිපත් කොට ඇත.
අන්තර්ජාතික වෘතීය සමිති සංසදය සහ ආසියාවේ සංක්‍රමික සංසදය යන ආයතන සංක්‍රමික ශ්‍රමික බලකාය ප්‍රවර්ධනයෙහි නිරත වන ආයතන දෙකකි.මෙහි ප්‍රකාශිත අත්දැකීම් කියවන නවක සංක්‍රමික ශ්‍රමිකයින්හට පළපුරුදු ශ්‍රමිකයින්ගේ අත්දැකීම් මහගු පිටුවහලක් වන බව අපට ඉතා පැහැදිලි කරුණකි.
ඔබගේ රැකියා වාතාවරණය පිළිබඳ තොරතුරු/ අත්දැකීම් රෙක්රූට්මන්ට් ඇඞ්වයිසර් සේවාව සමග බෙදා ගන්න
ඔබගේ රැකියා ඒජන්සි ආයතනය/ බ්‍රෝකර්වරයා/ඒජන්තවරයා ඇගයීමකට ලක් කරන්න.
ඔබගේ අයිතීන් දැන ගන්න.
ඔබ හට පිහිටක් විය හැකි ආයතන සොයා දැන ගන්න.

Migrant Forum in Asia (MFA)

Conceived in 1990 in a meeting of migrant workers’ advocates in Hong Kong, MFA was formally organized in 1994 in a forum held in Taiwan entitled, “Living and Working Together with Migrants in Asia”.

MFA is a regional network of non-government organizations (NGOs), associations and trade unions of migrant workers, and individual advocates in Asia who are committed to protect and promote the rights and welfare of migrant workers.

http://mfasia.org

International Trade Union Confederation (ITUC)

The International Trade Union Confederation (ITUC) is the global voice of the world’s working people.

The ITUC’s primary mission is the promotion and defence of workers’ rights and interests, through international cooperation between trade unions, global campaigning and advocacy within the major global institutions.

https://www.ituc-csi.org