ශ්‍රී ලංකාව සංක්‍රමික ශ්‍රමිකයන්ගේ වැදගත් ප්‍රභවයකි. පසුගිය දශක කිහිපය තුලදී රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. මෑතකදී කරණ ලද සමීක්‍ෂණවල අනුව 1,000,000 වැඩි ශ්‍රී ලාංකික සංක්‍රමික ශ්‍රමික පිරිසක් විදේශයන්හි සේවයේ නියුතු බව දැක්වේ. වාර්ෂික ශ්‍රමිකයින්ගේ පිටාරය 200,000 වන බවද දැක්වේ. විදෙස් රැකියාවලට යන කාන්තාවන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව අඩුවීමක් පෙන්නුම් කෙරේ. උදා: 2012 වර්ෂයේ මෙම සංඛ්‍යාව 138,312 වූ අතර, වසර 2015 දී රැකියා සඳහා විදෙස්ගත කාන්තාවන්ගේ සංඛ්‍යාව 90,677 කට පහත බැස ඇත. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම රැකියා සඳහා මැද පෙරදිග රටවල් (කටාර්, සෞදි අරාබියාව, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය විශේෂ වේ.) ප්‍රබල ආකර්ශනයක් වේ. වැඩිම පිරිසක් සේවා නියුක්තිය සඳහා සංක්‍රමණ වන්නේ වයස අවුරුදු 33-39 (කාන්තාවන්) සහ  අවුරුදු 25-29 (පිරිමි) බවද දැක්වේ. බොහෝ මැදපෙරදිග රැකියා පුරප්පාඩු පවතින්නේ ගෘහස්ථ සේවය සඳහා බැවින් මේ පුරප්පාඩු පිරවීම සඳහා ගෘහ සේවිකාවන් ලෙස බොහෝ තරුණ කාන්තාවෝ මැදපෙරදිග වෙත ඇඳෙති. මෙයට අමතරව ගුවන් සේවා හෝටල් සහ බැංකු සේවාවන්හි බහුල ලෙස ශ්‍රී ලාංකිකයින් සේවයේ නිරත වන බව දැක්වේ. 

 

විදෙස්ගත සේවාවේ තිබෙන වටිනාකමත් එමෙන්ම අක්‍රමවත් ලෙස සේවකයින් බඳවා ගැනීමේදී ඇති උපයෝජන අවධානමත් වැනි කරුණු විධිමත්, ක්‍රමවත් පරිපාලනයක හා අධීක්‍ෂණයක පත්කිරීම  අරමුණු කොට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) කම්කරු අමාත්‍යංශය යටතේ පවතින අධිකාරියක් ලෙස 1985 දී පිහිටුවන ලදි. ‛‛තම තමන්ගේ නිපුණතා, කුසලතා හා හැකියාවන් සඳහා සමතැන් විදෙස්ගත සේවා නියුක්තිය තුළින් ලඟා කර ගැනීම පිණිස ශ්‍රී ලාංකිකයන් සඳහා මංපෙත් විවර කිරීමටත් ඒ තුළින් ආර්ථික සංවර්ධනයත්, ඒ මගින් සියලු පිරිස් සඳහා සෙත සැලසීම’’ තම මෙහෙවර ලෙස සලකන මෙම ආයතනය ශ්‍රී ලාංකිීය රැකියා ඒජන්සි ආයතන සදාචාරාත්මක ව්‍යාපාරික ක්‍රියාපටිපාටීන් වලට අනුගත කිරීමේ අභිප්‍රාය මුදුන්පත් කිරීමට වෙහෙසෙයි. SLBFE ආයතනය මෙම අභිප්‍රාය උදෙසා 2013 වසරේදී නව රෙගුලාසි හඳුන්වාදෙන ලදි. ‛‛පවුල් පසුබිම් වාර්තාව’’ මගින් වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් ගෘහස්ථ සේවාව සඳහා විදේශ ගත වීම වැලැක්වීම එවැනි එක් රෙගුලාසියකි. මෙවැනි රෙගුලාසි ආන්දෝලාත්මක තත්ත්වයන්ට මඟ පාදා දෙයි. එයට හේතු ලෙස දක්වන්නේ විදෙස්ගතවීම තම එකම අභිප්‍රාය ලෙස සලකන ඇතැම් නීති රෙගුලාසි නොතකා/ ඒවාට පිටුපා නීති විරෝධී, අනාරක්‍ෂිත විධිවලින් ශ්‍රමිකයන් විදෙස්ගත කරන තැරැව්කරුවන්ගේ සහ සේවකයින් ගෙන්වා ගන්නා / සේවයේ යොදවන සේවාදායකයින්ගේ උපක්‍රම හා ග්‍රහනයට අසුවී අසරණ තත්ත්වයන්ට පත්වන්නට ඇති ඉඩ ප්‍රස්ථාවයි. 

 

රැකියා සඳහා බඳවාගැනීම ක්‍රමවත් පරිපාලනයට යටත් කිරීමට පනවන ලද විවිධ ක්‍රම පටිපාටි තිබියදීත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තවදුරටත් අවදානම් තත්ත්වයක පසුවන බව දැක්වේ. ප්‍රථමයෙන් සේවය සඳහා බඳවා ගැනීම හා ක්‍රියා පටිපාටිය සංකීර්ණ / ව්‍යාකූල තත්ත්වයන් පෙන්නුම් කරයි. බොහෝ කල්ගත වෙයි. ඌණ කුසලතා සහතික සංක්‍රමික ශ්‍රමිකයින්ට මේ තත්ත්වය තදින්ම බලපායි. මෙවැනි ශ්‍රමිකයන් විදෙස් රැකියා වල නියුක්තිය සඳහා ඒජන්සි ආයතන SLBFE මගින් නිර්දේශිත ගාස්තු වලට බොහෝ වැඩි ගාස්තු අයකරන බව දැක්වේ. මෙම අයතා ගාස්තු නිසා ශ්‍රමිකයින් වෙත ණය බරක් පැටවෙන අතර එම ණය ගෙවා දමන තුරු ඔවුන් සේවාදායකයින්ගේ හිංසා, වදබන්ධන හා අකටයුතු ආදියට ලක්වෙන බවත් දැක්වේ. සේවාදායකයා හට ගෙවිය යුතු ණය හිලව්වන තෙක් සේවකයාගේ වැටුප් නොගෙවා හැරීමත් නැතහොත් එම වැටුප කපාහැර අඩු වැටුප් ගෙවන ලද අවස්ථා වාර්තා වී ඇත. අවාසනාවකට මෙන් රැකියා කොන්ත්‍රාත්වල මෙම සේවාදායකයා වෙත ණයවීම මත්තෙන් එම ණය ගෙවීම් සේවකයා විසින් සිදුකල යුතු ආකාරය සඳහන් නොවේ. මෙම තත්ත්වය සේවකයාගේ අවදානම තවදුරටත් වැඩි කරයි. තවද, සමහරක් ශ්‍රී ලාංකික රැකියා ඒජන්සි විසින් සෞඛ්‍ය මට්ටම හා බුද්ධි මට්ටම රැකියාවන්ට කිසිසේත් උචිත නොවන එමෙන්ම අනුමත මට්ටම් වලට අනුකූල නොවන ශ්‍රමිකයන් ගාස්තු අයකර ගැනීම තම එකම අභිප්‍රාය කොට රැකියා සඳහා යෙදවු අවස්ථා වාර්තා වී ඇත. 

 

ගෘහසේවිකාවන්ට GCC රටවල පවතින අධික ඉල්ලුම නිසා විටෙක සේවාදායකයා විසින් ශ්‍රී ලාංකික සේවිකාවන් එරට ගෙන්වා ගැනීමට අමතර දීමනා ගෙවා ඇති බවත් මෙම දීමනා මසක වැටුප මෙන් 3 ගුණයක සිට 7 ගුණයක් බවද එම දීමනා ලබා ගැනීමට ඇති ඕනෑකම නිසා කාන්තාවන් අනිසි ලෙස බලපෑමකට ලක්වන බවද පෙන්වා දෙයි. 

 

රැකියා ඒජන්සි සේවකයාගේ රැකියා තත්ත්වය/වාතාවරණ සම්බන්ධයෙන් සත්‍ය / සම්පුර්ණ තොරතුරු නොදන්වන බවද (උදා : වැඩකලයුතු කාලය) එමෙන්ම තම රැකියාවේ යුතුකම් හා වගකීම් විදේශගතව පිළිපැදිය යුතු ආකාරද පැහැදිලි ලෙස නොදැක්වීම ඒජන්සි ආයතන සිතාමතාම කිරීම ඔවුන්ගේ වාසිය සඳහා පවතින බවත් සොයාගෙන ඇත. 

 

බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සි සඳහා වූ සදාචාරාත්මක ක්‍රියාපටිපාටි සංග්‍රහය (CoEC) මගින් රැකියා ඒජන්සි ආයතන, වංචා, අසත්‍ය හා නොමඟ යවන තොරතුරු / සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නොකිරීම අවධාරණය කලද තවදුරටත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට අවදානම් තත්ත්වන්ට මුහුණ දීමට සිදුවේ. 

 

සමහරක් රැකියා ඒජන්සි ආයතන ද්විතීව - කොන්ත්‍රාත්තුවක් අනුගමනය කරන බවද එමගින් සේවකයා තම මව්රට තුලදී අත්සන් තබන කොන්ත්‍රාත්තුවට හාත්පසින්ම වෙනස් කොන්දේසි, වගකීම් හා යුතුකම් ඇති කොන්ත්‍රාත්තුවකට අනුකූලත්වය තම සේවාදායකයා බලාපොරොත්තු වන බව සේවකයා හට දැනගැනීමට ලැබේ. 

 

බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සි සංගමයේ සාමාජිකත්වය (ALFEA) අනිවාර්ය නොවේ. එම නිසා අක්‍රමවත්ව, නීත්‍යානුකූල නොවන, අධීක්‍ෂණයට භාජනය නොවන උප රැකියා ඒජන්සි බොහෝමයක් තම ව්‍යාපාරවල යෙදෙන බවට දැනගන්නට ඇත. ඒවා බොහෝමයක් ගම්බද ප්‍රදේශවල ක්‍රියා කරන අතර, ගම්බදව වෙසෙන ශ්‍රමිකයන්ට නගරයේ ඇති බලපත්‍රලාභී ඒජන්සි සමඟ සම්බන්ධ වීමට නොහැකිවීම මෙයට හේතුවී ඇත. මෙවැනි උප ඒජන්සි මුල්‍ය වංචා (අල්ලස් හා වැරදි තොරතුරු දැන්වීම්) ද නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරිම, ලිංගික අතවර වැනි අකටයුතු සිදුකරයි. මෙම ඒජන්සි ආයතන කාන්තාවන් හට මෙරටින් පිටවීමට ප්‍රථම උපත් පාලන පෙති ගැනීමට බලකිරීම, තවදුරටත් ඔවුන් ලිංගික අතවර වලට ලක්වීමට, භාජනය වීමට (සේවය සඳහා බඳවා ගන්නා අතරතුර සහ විදේශගත වූ විට) මඟ පාදයි. මේ තරම් වාර්තාගත අක්‍රමිකතා නීතිවිරෝධී ක්‍රියා සිදුවුනද ඒවාට සම්බන්ධ රැකියා ඒජන්සි ආයතන හා උප ආයතන නීතියේ රැහැනට හසුවීම සහ වැරදි වලට දඬුවම් ලැබීම විරල වේ. 

 

ශ්‍රී ලංකාව තුළ සේවක අයිතීන් හට ඇති පිළිගැනීම ගැන වැඩි විස්තර ITUC ලෝක අයිතිවාසිකම් දර්ශකය වෙත මෙතැනින් පිවිසෙන්න.