සෑම වසරකම දස ලක්ෂ සංඛ්‍යාත විගමණික හ්‍රමිකයන් සිය පවුල් සඳහා වඩා යහවපත් අනාගතයක් වෙනුවෙන් සිය නිවෙස් හැර දා විදේශගත වේ. නමුත් අවාසනාවකට මෙන් එවන් බොහෝ පුද්ගලයින් ව්‍යාජ රැකියා, වැටුප් නොගෙවීම් සහ අනාරක්ෂිත සේවා තත්ත්වයන් ඇතුළු දේශීය බඳවාගැනීමේ නියෝජිතායතන විසින් ලබා දෙන ව්‍යාජ පොරොන්දු වල ගොදුරු බවට පත් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත සේවකයින්  සූරා කන අන්දමේ බඳවා ගන්නන් සහ අපයෝජාත්මක සේවායෝජකයන්ගේ ග්‍රහණයට හසුව බලහත්කාරයෙන් සේවයේ යෙදවීම, සේවය සඳහා බැඳී සිටීම සහ වෙනත් අන්දමේ  නවීන වහල් භාවයේ රැහැනට හසු වේ.

 

මෙම සූරාකෑම නතර කළ හැකි අතර නිවැරදි තොරතුරු වලට ඇති ප්‍රවේහය සමගින් විගමණික ශ්‍රමිකයන් හට මෙය සිදු කළ හැකිය.

 

විවිධ රටවල වෘත්තිය සමිති වලින් සැදුම්ලත් අපගේ කණ්ඩායම විසින් ‘බඳවාගැනීමේ උපදේශක’ පීඨිකාව සකස් කොට ඇති අතර, සේවකයින් ආරක්ෂා කොට ඔවුන්ගේ වෘත්තිය සමිති අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ බඳවාගැනීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ජා.ක.ස. සාධාරණ බඳවාගැනීම් සඳහා වූ පොදු මූලධර්ම හා මෙහෙයුම් මාර්ගෝපදේශයන්  මත පදනම්ව සාධාරණ’ බඳවාගැනීම් ක්‍රියාවලි අනුගමනය කරන බඳවා ගැනීමේ නියෝජිතායතන ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

 

බඳවා ගැනීමේ උපදේශක යනු සේවකයින් විසින් විදේශ රැකියාවක් සොයමින් සිටිනා විට ඔවුන් හට බඳවා ගැනීමේ නියෝජිතායතනය සහ සේවක අයිතිවාසිකම් පිළිබඳ තොරතුරු වෙත ඇති ප්‍රවේශය පහසු කරවන නියෝජිතායතන  සහ සේවායෝජකයන් පිලිබඳ අන්තර් මිතුරු පීඨිකාවකි. මේ තුල තෝරාගත් රටවල නියෝජිතායතන 10,000 කට අධික සංඛ්‍යාවක් ලැයිස්තුගත  කොට ඇති හෙයින් රැකියා සොයමින් සිටින සේවකයින් හට අනෙකුත් සේවකයින් විසින් ලියා පල කරන ලද සමාලෝචනයන් වෙත ප්‍රවේශ විය හැකිය. එක්ව අප විසින් unscrupulous  බඳවා ගැනීමේ පිලිවෙත් නතර කිරීමට කටයුතු කරන අතර, සැපයුම් දාමයන් තුළ ඇති වහල්භාවය තුරන් කොට නවීන වහල්භාවය මුලිනුපුටා දැමීමට කටයුතු කරන්නෙමු.

 

අපගේ වීඩියෝව මෙතැනින් නරඹන්න.