‘බඳවාගැනීමේ උපදේශක‘ තුළ, ඔබ විසින් අප සමග හුවමාරු කර ගන්නා වූ ඔබගේ පෞද්ගලිකන තොරතුරු, අප අගය කරන්නෙමු.  ඔබගේ පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කිරීමට පෙර කරුණාකර මෙම ප්‍රතිපත්ති හොඳන් කියවන්න.  www.recruitmentadvisor.org  වෙබ් අඩවියට ප්‍රවේශ වීම මගින් ඔබ විසින් පහත දසැක්වෙන ප්‍රතිපත්තිය පිළිගනු ලබයි.

•    ඔබගෙන් එක්රැස් කරගනු ලබන තොරතුරු වර්ගය
•     ඔබගේ තොරතුරු අප විසින් භාවිතා කරන අන්දම
•     ඔබගේ තොරතුරු අප විසින් ආරක්ෂා කරන අන්දම
•     තෙවන පාර්ශ්වයන් සමග එබගේ තොරතුරු හුවමාරු කර ගැනීම
•     ඔබට අප සම්බන්ධ කොට ගත හැකි අන්දම

ඔබගෙන් එක් රැස් කර ගනු ලබන තොරතුරු වර්ගය
    ඔබ විසින් අපගේ වෙබ් අඩවිය තුළට ඇතුලත් කරනු ලබන තොරතුරු අප විසින් භාරගෙන ගබඩා කර තබන්නෙමු. සමාලෝචනයක් ලිවීමට හැකි වන පරිදි, ඔබගේ භාවිතා කරන්නාගේ නම, වි-තැපැල් ලිපිනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වයස, උපන් රට, ඔබ සේවය කරන ලද රටවල් සහ ඔබ සේවය කරන ලද රැකියා ක්ෂේත්‍රය ආදි තොරතුරු සපයමින් බඳවා ගැනීමේ උපදේශක  (Recruitment Advisor)  තුළ ගිනුමක් ආරම්භ කිරීමට ඔබට සිදු වේ.
වෙනත් මූලාශ්‍ර වලින් ලැබෙන තොරතුරු

ඔබ විසින් ෆේස්බුක් හරහා බඳවාගැනිමේ උපදේශක හා සම්බන්ධ වුවහොත්, ඔබගේ   ෆේස්බුක් රහස්‍යතා රාමුවට අනුකූලව ඔබ සම්බන්ධ වීමට කැමැත්තේ යැයි ෆේස්බුක් විසින් අප හට දන්වයි. එම තොරතුරු තුල  ඔබගේ නම, වි-තැපැල් ලිපිනය, දුරකථන අංකය, පැතිකඩ ඡායාරුපය, ස්ත්‍රි පුරු2ෂ සමාජභාවය, සහ ඔබට ඉදිරිපත් කිරිම සඳහා ඔබ විසින් තෝරාගත් වෙනත් තොරතුරු ඇතුලත් වේ.

ස්වයංක්‍රීය තොරතුරු

බඳවාගැනීමේ උපදේශක වෙත ඔබ ප්‍රවේශ වීමේදී ඔබගේ පරිගණකයෙන් හෝ උපකරණයෙන් අප විසින් ස්වයංක්‍රියව ඇතැම් තොරතුරු ලබා ගනිමු. උදාහරණයක් ලෙස ඔබගේ  IP  ලිපිනය, වෙබ් බ්‍රවුසර් මෘදුකාංගය සහ යොමු කිරීම් වෙබ් අඩවිය ආදි සැසි තොරතුරු අප විසින් ලබා ගන්නෙමු. 
එසේම ඔබගේ මාර්ගගත (online)  ක්‍රියාකාරකම්  (නරඹන ලද අන්තර්ගතය සහ / හෝ පිවිසෙන ලද පිටු) පිළිබඳ තොරතුරු ද අප විසින් එකතු කොට ගන්නෙමු. ස්වයංක්‍රිය තොරතුරු ලබාගැනීමේ අපගේ අරමුණ වන්නේ අපගේ සේවාදායකයනගේ බැඳියාවන්  සහ රුචිකතක්වයන්  අවබෝධ කර ගනිමින් ඔවුනට විශේෂිත වූ අත්දැකිම් ලබා දීමයි.

ඔබගේ තොරතුරු අප විසින්  භාවිතා කරන අන්දම

බඳවාගැනීමේ උපදේශක ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සැපයීම, ඔබගේ සමාලෝචනයන් පහසු කොට ඒවා ප්‍රකාශයට පත් කිරිම,  ඔබගේ ප්‍රශ්න හෝ අදහස් දැක්විම් වලට ප්‍රතිචාර  දැක්වීම හෝ අර්බුද නිරාකරණය කිරිම තහනම් කරන ලද හෝ නිතිවිරෝධී ක්‍රියාකාරකම් වැලැක්විම, අපගේ  භාවිතා කිරිමේ යොමු කිරිම් බලාත්මක  කිරිම ඇතුළු සහ අපගේ අඩවිය වෙත ප්‍රවේශ වි එය භාවිතා කිරිමට ඉඩ ලබා දීම සහ සාමාන්‍ය ලෙස ඔබ සමග සන්නිවේදනය සිදු කිරිම ඇතුළු ඔබගේ ගිණුම ලියාපදිංචි කොට කළමනාකරණය කිරිම සඳහා බඳවා ගැනීමේ උපදේශක  විසින් ඔබගේ තොරතුරු භාවිතා කරයි.

බඳවාගැනීමේ නියෝජිතායතනයක හිමිකරු ලෙස ඔබ අත්සන් කොට ඇත්නම් ඔබගේ නිල වි-තැපැල් ලිපිනයට  අමතරව ඔබ විසින්  අප වෙත සපයනු ලබන වි-තැපැල් ලිපිනයටද අප විසින් වි-තැපැල් පණිවුඩ ඔබ වෙත එවනු ලැබේ. 
ඔබගේ තොරතුරු අප විසින් ආරක්ෂා කරන අන්දම    
ඔබ විසින් අප වෙත සපයනු ලබන පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරිමට ඇප කැප වි සිටින අතර එසේ කිීම සඳහා අවශ්‍ය පරිපාලනමය හා තාක්ෂණික ක්‍රියාවලි ක්‍රියාවට නංවා ඇත්තෙමු. උදා :  ඔබගේ පෞද්ගලික තොරතුරු වෙත ප්‍රවේශය ඇත්තේ අවසරලත් පරිපාලකයන් කිහිප දෙනෙකුට පමණි. එසේම, යම් ආකාරයකට වෙබ් අඩවිය ගැටළුකාරී තත්වයකට පත්වුවන් සමාලෝචනයන්ගේ නිර්නාමිකභාවය තහවුරු කිරීම පිණිස දින කිහිපයකට පසු ඔබගේ සමාලෝචනයන් ඔබගේ පෞද්ගලික ගිණුමෙන් විසන්ධි කරනු ලැබේ.


තෙවන පාර්ශ්වයන් සමග ඔබගේ තොරතුරු හුවමාරු කර ගැනීම

සංඛ්‍යාලේඛනමය හෝ දත්තවල අව්‍යාජ බව දැනගැනීම වැනි අවශ්‍යතා සඳහා හෝ එසේ කිරිම නිතියෙන්  නියම කොට ඇති අවස්ථාවකදි බදවා ගැනීමේ උපදේශක  වෙනුවෙන්  සේවාවන් සැපයීමට කොන්ත්‍රාත් ගතවි සිටින තෙවන පාර්ශ්වයන් (තොරතුරු තාක්ෂණය සපයන්නන් ඇතුළුව) ඔබගේ තොරතුරු හුවමාරු කර ගැනීමට සිදුවනු ඇත. බඳවා ගැනීමේ නියෝජිතායතන හෝ වෙනත්  භාවිතා කරන්නන් සමග ඔබගේ තොරතුරු හුවමාරු කර නොගනු ඇත. 

ඔබට අප සමග සම්බන්ධ විය හැකි අන්දම

අප සමග සම්බන්ධ විය හැකි පහසුම ක්‍රමය වන්නේ info@recruitmentadvisor.org  වෙත වි-පණිවුඩ එවීමයි.