සේවකයන් විසින් බඳවා ගැනීමේ නියේජිතායතනයන් පිලිබඳව සමාලෝචනයක් ලිවීමේදී, පහසු කිරිමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරිමේදි හා වංචා අනාවරණය කිරීමේදි අනුගමනය කළ යුතු සේවක සමාලෝදනය සදහා වූ මාර්ගෝපදේශය අපගේ අනුදේශ හා කොන්දේසි තුල ඇතුලත්ය.

 

සමාලෝචන සදහා මාර්ගෝපදේශයන්

 

‘බඳවාගැනීමේ උපදේශක‘ තුළ බඳවාගැනීමේ  නියෝජිතායතන පිළිබඳ සමාලෝචනයන් ලිවිය යුත්තේ අනෙකුත් සේවකයන් සමග බෙදා හදා ගැනීමට තමන් විසින් අපේක්ෂා කරන බඳවා ගැනීමේ අත්දැකිම්  ලද සේවකයින් විසින් පමණි. එනම්,

 

  1. තවමත් සිය මුල් රට තුළ සිටින නමුත් නියෝජිතායතනයට සේවය ලබා ගත් සේවකයින්
  2.  ගමනාන්ත රට තුළ තමාටත් විදේශ සේවයේ යෙදි සිටින සේඅවකයින්
  3.  නැවත සිය රට පැමිණෙන්නන්  හෝ විදේශිය රටක සේවය කොට නැවත සිය රට පැමිණ සිටින සේවකයන්

 

ඔබගේ බඳවාගැනිමේ අත්දැකීම් බෙදා හදා ගැනීමට අප කැමැත්තෙන් පසුවන්නෙමු. අපගේ සහ අනෙකුත් සේවකයින්ගේ වෙබ් අඩවි වෙත ඔබගේ දායකත්වයන් අප අගය කරන්නෙමු. ‘බඳවා ගැනීමේ උපදේශක‘ සියළු සේවකයින් සදහා ආරක්ෂාකාරි හා විශ්වසනිය තොරතුරු මුලාශ්‍රයක් බවට තහවුරු කර ගැනීමට අපට අවශ්‍යය.  එම කාර්යය ඉටු කර ගැනීම සඳහා ඔබගේ සමාලෙචෙනයන් පහත දැක්වෙන මාර්ගෝපදේශයන්ට අනුකුල වන බව තහවුරු කර ගන්න.

 

අ)        අදාල බව

ඔබගේ  සමාලෝචනයන් අදාල විය යුතු අතර නියෝජිතායතනයන් සමග ඔබගේ බඳවා ගැනීමේ අත්දැකීම අවබෝධ කරගැනීමට ඔබගේ සමාලෝචනය කියවන අනෙකුත් සේවකයන් හට හැකි විය යුතුය. එබැවින් කරුණාකර  දේශපාලන, ජනවාර්ගික හෝ සමාජීය කරුණු පිළිබඳව ඔබගේ  පෞද්ගලික මත ආදි අදාල නොවන කරුණු ඇතුලත් නොකිරිමට වග බලා ගන්න. අපගේ පහසුකරණ ප්‍රතිපත්ති පිලිබඳව ඔබට යම් ප්‍රශ්නයක් හෝ අදහස් දැක්විමක් ‘බඳවා ගැනීමේ උපදේශක‘ වෙත යොමු කළ යුතුව ඇත්නම් එය ඔබට info@recruitmentadvisor.org  යන වි-තැපැල් ලිපිනයට එවිය හැකිය.

 

(අ)       අපක්ෂපාතී වීම

 

බඳවාගැනීමේ නියෝජිතායතන හිමි කළමනාකරණය කරන හෝ ඒවා හා සම්බන්ධ පුද්ගලයින් හෝ ආයතන විසින් සිය නියෝජිතායතනයේ හෝ තරඟකාරි නියේජිතායතනයක් පිලිබද සමාලෝචන ‘බඳවාගැනීමේ උපදේශක‘  තුල ප්‍රකාශයට  පත් කිරිමට ‘බඳවා ගැනීමේ උපදේශක‘ අවසර ලබා දෙන්නේ නැත. යම් ආයතනයක් අපහසුතාවයට පත් කිරීමේ හෝ ඒවායේ කිර්තිනාමයට හානි කිරිමේ අරමුණින් ඉදිරිපත් කරනු ලබන සමාලෝචනයන් පළ කරනු නොලැබේ. යම් සමාලෝචනයක් වංචාකාරි  හෝ ප්‍රකාශයට පත් කිරීමේ මාර්ගෝපදෙශයන්ට අනුකූල නොවන්නේ යැයි ඔබ සැක කරන්නේ නම් ඔබට ඒ පිළිබඳව info@recruitmentadvisor.org  හරහා අප දැනුවත් කළ හැකිය.

(ආ)      මුල්, පළමු මූලාශ්‍ර තොරතුරු

ඔබගේ බඳවාගැනීමේ අත්දැකීම ඇසීමට සේවකයන් කැමැත්තෙන් පසු වේ. මින් අදහස් වන්නේ දෙවන මුලාශ්‍ර  තොරතුරු අවශ්‍ය නොවන බවයි. කටකථා හෝ වෙනත් පුද්ගලයෙකුගේ අත්දැකීම් තුලින් උකහාගත්  ප්‍රශ්න ආදිය ඔබගේ සමාලෝචනය තුල ඇතුලත් නොකරන්න. ඔබගේ අත්දැකීම් මත පමණක් පදනම් වූ තොරතුරු සමාලෝචනය තුළ ඇතුලත් කරන්න. ඔබගේ සමාලෝචනය අනෙකුත් සේවකයන් හටද උපකාරී වන ලෙස ඒ තුල ප්‍රමාණවත් තොරතුරු ඇතුලත් කිරීමට වග බලා ගන්න.

 

(ඈ)      වාණිජ  නොවන

‘බඳවා ගැනීමේ උපදේශක‘ තුළ මිතුරකු මිතුරකුට වන සමාලෝචන නිර්මාණය කොට ඇත්තේ ඔබගේ සහෝදර සේවකයින් හට උපදෙස් සැපයිමට මිස සේවාවක් හෝ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීමට නොවේ.  රැකියා සඳහා ඉල්ලීම් ඇතුළු කිසිදු අන්දමක වාණිජමය හෝ ප්‍රවර්ධන අන්තර්ගතයන් ඇතුලත් කිරිමෙන් කරුණාකර වලකින්න. යම් හේතුවක් මත නිශ්චිත තොරතුරු  (අන්තර්ගතයන්) ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය අප සතුය. සම්බන්ධතා හෝ බාහිර වෙබ් අඩවි සහිත සමාලෝචනයන් අප භාරගන්නේ නැත.

 

(ඉ)       ගෞරවනිය හෝ පෞද්ගලික තොරතුරු

 

ඔබගේ පෞද්ගලිකත්වය සහ අප විසින් ලැයිස්තු ගත කරන බඳවාගැනීමේ නියෝජිතායතනවල රහස්‍යභාවය අප ආරක්ෂා කරන්නෙමු. ඔබගේ බදවාගැනිමේ අත්දැකිම පිලිබඳ සියලු විස්තර අපට අවශ්‍ය නමුත් පෞද්ගලික හෝ සුවිශේෂී තොරතුරු ඔබ සතුව තබා ගන්න. සමාලෝචකගේ තොරතුරු මෙන්ම අන්‍යයන්ගේ තොරතුරුද මේ තුල ඇතුලත්ය.  කරුණාකර දුරකථන අංක, පදිංචි ලිපිනය හෝ වි-තැපැල් ලිපිනය ඇතුලත් කිරිමෙන් වලකින්න. සමාලෝචන නිර්ණාමික ලෙස සිදු කිරිමට අප අවසර ලබා දෙන අතර අවශ්‍ය වෙතොත් නම් ප්‍රකාශයට පත් කිරිමට අවකාශ ඇත. කෙසේ වෙතත්, අප විසින් අවසන් නාමය ඉවත් කරන්නෙමු.  සේවකයාගේ අවසන් නාමය සහ බඳවා ගැනීමේ නියෝජිතායතනයේ හිමිකරුවාගේ අවසන් නාමය මෙයට ඇතුලත්ය.  පෞද්ගලික මූල්‍ය තොරතුරු ඇතුලත් වන සමාලෝචනය් ඉවත් කරනු ලැබේ.

 

(ඊ)       ‘බඳවා ගැනීමේ උපදේශක‘ විසින් ලැයිස්තුගත කරන ලද

 

සමාලෝචනයක්  එය ඉදිරිපත් කරනු ලබන නියෝජිතායතනය වෙත සෘජුවම  අදාල විය යුතුය. එබැවින් ඔබ විසින් ‘බඳවාගැනිමේ උපදේශක‘ හි නිවැරදි ලේඛනයට ඔබගේ සමාලෝචනය ඉදිරිපත් කිරිමට  වගබලා ගත යුතුය.

කෙසේ වෙතත්, ඔබගේ බඳවාගැනීමේ නියෝජිතායතනය අපගේ ලැයිස්තුව තුළ නොමැති නම් එය අප දැනගත යුතුය. කරුණාකර මෙම ‘බඳවාගැනීමේ උපදේක‘ ආකෘති පත්‍රය ඔස්සේ අප අමතන්න. එවිට අපට අපගේ ලැයිස්තුව යාවත්කාලින කළ හැකිය. කරුණාකර හැකිතාක් තොරතුරු සපයන්න (ව්‍යාපාර නාමයන්, සමාගම් ලියාපදිංචි  අංකයන්, සම්බන්ධ කොට ග ත හැකි තොරතුරු සහ  සහ ස්ථාන ආදිය)

සේවකයින් සිය මුල් රටින් පරිබාහිර රටවල සේවයේ යොදවනු ලබන නියෝජිතායතන පමණක් ලේඛනගත කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.

(එ)       පහසුවෙන් කියවිය හැකි බව

 

කරුණාකර ඔබ ඔබගේ භාෂාවේ නිවැරදි අක්ෂර භාවිතා කරන බවටත්  යාන්ත්‍රික පරිවර්තනයන් භාවිතා නොකරන බවටත් වග බලාගන්න. කරුණාකර HTML ටැග්, අතිරේක ALL CAPS  හෝ ග්‍රාම්‍ය භාෂාව භාවිතා නොකරන්න.

 

(ඒ)       විරෝධතා මතු නොකළ හැකි බව

 

කරුණාකර ඔබගේ සමාලෝචනය තුළ නිතිවිරෝධී, අපවාදාත්මක, අපකීර්තිකර, අසභ්‍ය,  අයෝග්‍ය පීඩාකාරි, තර්ජනාත්මක පෞද්ගලික උපහාසාත්මක, නින්දා සහගත, කුපිත කරවන සුළු, වංචාකාරී හෝ අන්‍යාකාරයකින් විරෝධතා මතු කළ හැකි භාෂාව ඔබගේ සමාලෝචනය තුළ භාවිතා කිරිමෙන් වළකින්න.

ඕනෑම හේතුවක් මත  ඕනෑම අවස්ථාවක සමාලෝචනයක් හෝ නියෝජිතායතනයක ප්‍රතිචාරයක් ඉවත් කිරිමට ‘බඳවාගැනිමේ උපදේශක‘ හට හිමිකම ඇති බව සලකන්න. ‘බඳවාගැනිමේ උපදේශක‘ තුළ ප්‍රකාශයට පත් කරනු ලබන අන්තර්ගතයන් පෞද්ගලිකය.

මෙම වෙබ් අඩවිය තුල ලැයිස්තුගත කොට ඇති හෝ සමාලෝචනයට ලක් කරනු ලබන කිසිදු බදවා ගැනීමේ නියෝජිතායතනයක් සමග අපගේ සම්බන්ධතාවයක් නොමැත. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය අනුව කිසිවකුගේ සම්බන්ධක තොරතුරු අප හෙලිදරව් කරන්නේ නැත.

 

පහසුකරණය (moderation)  සමාලෝචනය සහ වංචා අනාවරණය කර ගැනීම

 

  1. ‘බඳවා ගැනීමේ උපදේශක‘ විසින් සමාලෝචනයක් පරික්ෂා කොට බලනවාද?

ඔවි, සමාලෝචනයන් අපගේ ප්‍රකාශන මාර්ගෝපදෙශයන්ට අනුකූල වන බව තහවුරු කර ගැනීම සදහා ‘බඳවාගැනීමේ උපදේශක‘ විසින් ඒවා පරික්ෂා කරයි.

  1. සමාලෝචනයන්ගේ ගුණාත්මක භාවය ‘බඳවාගැනීමේ උපදෙශක‘ විසින් තහවුරු කරන්නේ කෙසේද?    

ප්‍රශ්නගත සමාලෝචනයන් පරීක්ෂා කිරීම සදහා අප සතුව පහසුකාරකවරුන් කණ්ඩායමක් ඇත. තමන් හට සැක සහිත ප්‍රකාශනයන් පෙන්නුම් කිරීමට ‘බඳවා ගැනිමේ උපදේශක‘ භාවිතා කරන්නන්ට හැකිය. ඒවා අපගේ පහසුකාරකවරුන්ගේ අවධානයට යොමු කිරිම සඳහා  info@recruitmentadvisor.org  වෙත පිවිසෙන්න.

  1. ‘බඳවාගැනීමේ උපදේශක‘ විසින් සුභවාදි සහ අසුභවාදි සමාලෝචනයන් ප්‍රකාශයට පත් කරනවාද?

මාර්ගෝපදේශයන්ට අනුකුලව ලියන ලද  ඕනෑම සමාලෝචනයක් (සුභවාදි හෝ අසුභවාදි) ‘බඳවාගැනීමේ උපදේශක‘ විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. අප විසින් අන්තර්ගතයට බලපෑම් සිදු  කරන්නේ හෝ ඒවා වෙනස් කරන්නේ නැත.

 

  1. ‘බඳවා ගැනීමේ උපදේශක‘ තුල නියෝජිතායතන ශ්‍රේණිගත කිරීම  කරන්නේ කෙසේද?

සේවකයන්  විසින් ඉදිරිපත් කරනු ලබන binary  සමාලෝචන ප්‍රශ්න වල ලැබෙන පිලිතුරු එකතු කරමින් බඳවාගැනිමේ නියෝජිතායතන අනුපාතය කරනු ලැබේ. මෙහි දක්වා ඇති නියෝජිතායතනයට ‘තරු   ශ්‍රේණිගත කිරීම  ලබා දීම සඳහා භාවිතා කරන ලද ක්‍රම වේදය ඔබට දැක ගත හැකිය.

 

ජාත්‍යන්තර කම්කරු සංවිධානය  විසින් නිර්මාණය කොට ඇති ජාත්‍යන්තර අයිතිවාසිකම් හා බඳවා ගැනීම සඳහා වු සාධාරණ ප්‍රමිතින් මත පදනම්ව සමාලෝචන ප්‍රශ්න සකස් කොට ඇත.

 

  1. ‘බඳවාගැනීමේ උපදේශක‘ හි සමාලෝචනයන් සඳහා වංචාකාරි ලෙස සැලකෙන ක්‍රියාකාරකම් මොනවාද?

අ. පහත දැක්වෙන කටයුතු කිරිම තුලින් තම නියෝජිතායතනයේ ප්‍රතිරූපය නංවා ගැනීමට නියෝජිතායතන හිමිකරුවෙකු විසින් උත්සාහ දැරීම

  තමන්ගේම  බඳවා ගැනීමේ නියෝජිතායතනය  පිලිබඳව සමාලෝචනයක් ලිවීම

  සුභවාදි අදහස්ලියන ලෙස මිතුරන්ට හෝ ඥාතීන්ට උපදෙස් දීම

  සේවකයෙකු වෙනුවෙන් සමාලෝචනයක් ලිවීම

  අසුභවාදි අදහස් දැක්විමක් ඉවත් කරගන්නා ලෙස ‘බඳවාගැනිමේඋපදේශක‘ භාවිතා කරන්නෙකු හට බලපෑම් කිරිම

  සමාලෝචනයන් වෙනුවෙන් විශේෂ සැලකීම් ආදී ත්‍යාග පිරිනැමීම

  සාවද්‍ය සමාලෝචනයන් ලිවීමට උපරිමකරණය කිරීමේ සමාගමක, තෙවන පාර්ශ්ව අලෙවිකරණ සංවිධානයක හෝ වෙනත් පුද්ගලයෙකුගේ සේවය ලබා ගැනීම

  කිනම් ආකාරයකින් හෝ තරඟකරුවෙකු හෝ සේවකයෙකු  ලෙස වංචාකාරීව පෙනී සිටීම

 

(ආ)      අසුභවාදි සමාලෝචනයක් ලියමින් යම් නියෝජිතායතන හිමිකරුවකුගේ කීර්තියට හානි කිරීමට තැත් කිරිම.

 

  1.  යම් නියෝජිතායතනයක් විසින් සාවද්‍ය තොරතුරු සපයා ඇතැයි විශ්වාස කළ හැකි අවස්ථාවක ‘බඳවාගැනිමේ උපදේශක‘ විසින් සිදු කරන්නේ කුමක්ද?

යම් නියෝජිතායතනයක් විසින් සාවද්‍ය සමාලෝචනයන් ඉදිරිපත් කොට ඇතැයි  තීරණය වු අවස්ථාවක, එම නියෝජිතායතනය විසින් පල කොට ඇති තොරතුරු සැකසහිත බවට වූ ප්‍රකාශයක් අපගේ වෙබ් අඩවියේ දිස්වනු ඇත. එලෙස අප සේවකයින් හට වැඩිදුර තොරතුරු සපයන අතර එවිට ඔවුන් හට දැනුවත් තීරණ ගත හැකිය.

 

  1. සිදුවිමට යන යම් වංචාවක් පිලිබඳව වෙබ් අඩවි භාවිතා කරන්නන් විසින් ‘බඳවා ගැනිමේ උපදේශක‘ දැනුවත් කරන්නේ කෙසේද?

ඕනෑම පක්ෂපාති අන්තර්ගතයන් පිලිබඳ වාර්තා කිරීමට කරුණාකර  info@recuitmentadvisor.org   වෙත පිවිසෙන්න. අප විසින් එම අන්තර්ගතය පරික්ෂා කොට අදාල දණ්ඩනයන් පමුණුවනු ඇත. දිනය, සමාලෝචනයේ මාතාකාව, සහ තත්ත්වය අවබෝධ කර ගැනිම සදහා අපට උපකාරි වන වෙනත් තොරතුරු කරුණාකර අප වෙත එවන්න. ඔබගෙන් ලැබෙන  සහාය අපි අගය කරන්නෙමු.