ඔබව සේවයේ බඳවාගන්නා ඒජන්සි ආයතනය එසේ බඳවා ගැනීමට අවසර ලත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිගැණුනු ආයතනයක්ද වග සොයා දැනගන්න! 

 

රටින් පිටව යාමට පෙර දැනගත යුතු වැදගත් කරුණු දැක්වෙන SLBFE ආයතනයේ වෙබ් පිටුව වෙත පිවිස, විදෙස් රැකියාවකට යාම සඳහා තීරණය කිරීම, ඒජන්සි ආයතනයක උපකාරයෙන් හෝ මිත්‍රයෙකුගේ උපකාරයෙන් රැකියා වරම් ලබාගැනීම, පුහුණුව, ණය පහසුකම්, අනුගත වීම, රැකියා ගිවිසුම්, පිටත්වීමට පෙර අනුමැතිය අනිවාර්ය ලියාපදිංචිවීම, ලකලෑස්තිවීම වැනි දෑ පිළිබඳ කරුණු අධ්‍යයනය කරන්න. SLBFE මගින් පිටත්වීමට පෙර පුහුණු පාඨමාලා කිහිපයක් සංවිධානය කෙරේ. මේවා බොහෝමයක් ගෘහ සේවකයින්, සෞඛ්‍ය සත්කාර කරන්නන් සඳහා වේ. 

බලපත්‍රලාභි රැකියා ඒජන්සි ආයතනයන්ගේ සංගමය (ALFEA) මගින්ද බලපත්‍රලාභි ඒජන්සි පිළිබඳ වැදගත් කරුණු ප්‍රකාශයට පත්කොට ඇත. එයට අමතරව සාදාචාරාත්මක ක්‍රම පටිපාටියන්ට විරුද්ධව කටයුතු කරන (සාදාචාරාත්මක ක්‍රම පටිපාටි වලට අනුකුලව ක්‍රියා කරන බලපත්‍රලාභි ඒජන්සි ආයතන සහ බලපත්‍රලාභීන් සඳහා වු ව්‍යවස්ථාව-CoEC ට පටහැනිව) ඒජන්සි වල ලැයිතුවක්ද ප්‍රකාශයට පත් කොට ඇත. 

 

සාධාරණ රැකියා කොන්ත්‍රාත්තුවකට අත්සන් තබන්න! 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නිකුත් කර ඇති උපදෙස් මාලාවට අනුකූලව සාධාරණ රැකියා කොන්ත්‍රාත්තුවකට අත්සන් කිරීමේදි සැළකිය යුතු කරුණු කියවා දැනගන්න. එහි ඔබට නොතේරෙන එසේ නැතහොත් එකඟ නොවීමට හැකි කරුණු ඇත්නම් අත්සන් තැබීමෙන් වළකින්න. ඔබගේ සේවාදායකයා සමඟ මෙම කොන්දේසි පිළිබඳ සාකච්ඡා කොට අපහැදිලිතාවයන් නිරාකරණය කර ගන්න. 

 

ඔබගේ අයිතිවාසිකම් දැනගන්න! 

ඔබ සේවය කිරීමට බලාපොරොත්තු වන රටෙහි බලපවත්වන කම්කරු නීති පිළිබද දැනුවත් වන්න. රැකියාවට බඳවා ගැනීමේ හා රැකියාවේ යෙදවිමට අදාළ ගැටළු මතුවු විටකදි ප්‍රයෝජනවත් විය හැකි රජයේ ආයතන සහ සමිති/සංගමයන් හා සම්බන්ධ විය හැකි දුරකථන අංක/ලිපිනයන්/ක්‍රමයන් පිළිබද දැනුවත් වන්න. 

 

ඔබගේ පැමිණිලි වාර්තා කරන්න! 

විදේශ රටකදි ඔබට ගැටලුවකට මුහුණපෑමට සිදුවුවහොත් එහිදි ඔබගේ පිහිට පතා විවිධ ආයතන හා ක්‍රමවේද පිහිටුවා ඇත. සියලු පැමිණිලි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතට වාර්තා කරන්න. ඔබ රැකියාව කරන රටේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන්න. ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසය මගින්ද විටෙක ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. 


වෙනත් වැදගත් තොරතුරු 

  • පුහුණුව 

  • විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුභසාධක අරමුදල (OWWF) 

  • සුභසාධක සේවා 

  • පැමිණිළි කළමනාකරණ ක්‍රමය 

  • රාජ්‍ය නොවන සංවිධාන 

  • ද හෙල්වෙටාස් 

  • ද සොලිඩැරිටි සෙන්ටර් 

  • ද කැරිටාස් 

  • ද සෙන්ටර් ෆෝ විමෙන්ස් රිසර්ච් (CENWOR)