පහත වගුවෙන් දක්වා තිබෙන්නේ ශ්‍රී ලාංකික සංක්‍රමික ශ්‍රමිකයන්ට අදාළ වන ජාතික නීති සම්පාදන / නීති පැනවීම් පිළිබඳ හැඳින්වීමකි. ඔවුන් සේවයට බඳවා ගැනීමේදී හා ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීම සඳහා (රටින් පිටව යාමට පෙර ලබාගත යුතු පුහුණුව, රක්‍ෂණාවරණ ආදිය) පිළිබඳ නියමයන් ද මෙයට අදාළ වේ. 

 

වර්ෂය

නීති සම්පාදනය 

නීති පැනවීම

හැඳින්වීම

1985 

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත (අංක 21)

ශ්‍රී ලංකාවෙන් බැහැරව සේවය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොදවා ගැනීම සම්බන්ධයෙන් නීති විධිවිධාන දක්වන පනතකි. මෙමගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රම පිරිස් අපනයනය සඳහා එම ශ්‍රමිකයන්ගේ රැකවරණය මෙන්ම විදෙස්වල සේවය කරන, සේවය කල සහ අනාගතයේ එසේ සේවය කිරීමට හැකියාවක් ඇති ශ්‍රමිකයන්ට උපරිම සහයෝගය ලබාදීම අරමුණු කොට පිහිටුවන ලදි. මෙම පනත සියලු රැකියා ඒජන්සි ආයතන විසින් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යය කරන ලදි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම බලපත්‍ර ලබාදීම, එම ක්‍රියාවලියට අදාළ කොන්දේසි සහ ක්‍රම පටිපාටිය ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම විදෙස් ගතවීමට පෙර එම ශ්‍රමිකයන් හට නිසි පුහුණුව, ඒ ඒ රටවලට අනුගතවීම සම්බන්ධයෙන් උපකාරක සේවාද සපයනු ලබයි. මෙම පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සුභ සාධක අරමුදලක් පවත්වාගෙන යායුතු අතර, එමගින් රට තුළට ආපසු පැමිණෙන ශ්‍රමිකයන් පුනරුත්ථාපනය සඳහා වියදම් දැරිය යුතු වේ. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳ පරිගණක තොරතුරු / දත්ත ගබඩාවක් පිහිටුවීමද අරමුණු කොට ඇත. මෙම පනතට පටහැනිව ක්‍රියා කිරීම සාපරාධී ක්‍රියා ලෙස සලකා නීතිය හමුවට පමුණුවනු ලබයි.

1985

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය - රෙගුලාසි

රැකියා ඒජන්සි ආයතනයක් ලෙස ව්‍යාපාරයක් පිහිටුවීම සහ පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී පිළිපැදිය යුතු කොන්දේසි සවිස්තරව දක්වා ඇත. විදෙස්ගතව සේවය සඳහා යොදවන සෑම ශ්‍රමිකයෙකු සඳහාම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතට ගෙවිය යුතු මුදල් ද දක්වා ඇත. මෙම රෙගුලාසිවල අගට දක්වා අති ආදර්ශ රැකියා කොන්ත්‍රාත්තුව කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය ඇතුලු ‛‛අනිකුත් රටවල්වල’’ සේවයට යොදවන ගෘහ සේවකයින් උදෙසා වේ. මෙම රෙගුලාසි අනුගමනය කොට තම රටට ගෙන්වා ගන්නා ලද සේවකයාගේ ගුවන් ගමන් ගාස්තු සේවාදායකයා විසින් සේවකයා වෙත (වැඩ ආරම්භ කළ පසු) ආපසු ලබාදිය යුතුය. රැකියා කොන්ත්‍රාත්තුව අවසන් වු පසු තම මව් රටට පෙරලා යාම සඳහා ගුවන් ගමන් ගාස්තු සහ මසක වේතන අගයට නොඅඩු පාරිතෝෂිත මුදලද ලබාදිය යුතුය. එසේම සේවාදාකයා විසින් නොමිලේ නවාතැන් පහසුකම්, ආහාර, වෛi පහසුකම් සහ අනතුරු අසනීප හෝ අංගවිකලත්වය වැනි අවස්ථා ආවරණය වන ලෙස රක්ෂණාවරණය ද ලබාදිය යුතුය. 

1990 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය - ආදර්ශ රැකියා කොන්ත්‍රාත්තුව

ආදර්ශ රැකියා කොන්ත්‍රාත්තුව මගින් රැකියා කොන්ත්‍රාත්තුවක අඩංගුවිය යුතු කොන්දේසි දක්වයි. (ගෘහ සේවකයින්ට අදාළ නොවේ.) සේවයට වාර්තා කළ පසු ගුවන් ගමන් ගාස්තු නැවත සේවකයා හට ලබාදීමට සේවාදායකයා බැඳී සිටී. සේවාදායකයා රැකියා කොන්ත්‍රාත්තුව අවසන් වූ විට තම මව් රටට පෙරලා යාම සඳහා ගුවන් ගමන් ගාස්තු ද සේවා දායකයා විසින් දැරිය යුතු වේ. එලෙසම අසාධාරණ හේතු පදනම්ව රැකියා කොන්ත්‍රාත්තුව සේවාදායකයා විසින් අවලංගු කල විටක, අසනීප / රෝගී තත්ත්වය හා අනතුරට ලක්ව තවදුරටත් සේවය කිරීමට නොහැකි වූ විටද, අදිසි තත්ත්වයක් නිසා රැකියා ගිවිසුම සපුරාලිය නොහැකි වූ විටද, සේවකයාගේ කිසියම් වරදක් / අඩුපාඩුවක් පදනම් නොවී කොන්ත්‍රාත්තුව අවලංගු වූ විටද මෙසේ මව් රටට පෙරලා ඒමට ගුවන් ගාස්තු සේවාදායකයා විසින් දැරිය යුතුය. ආහාරපාන, නවාතැන් පහසුකම්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා ගැනීම සේවකයා හට ඇති හිමිකමකි. සේවකයාගේ මාසික වැටුප ශ්‍රී ලංකාවට එවීමට සේවාදායකයා උපකාර කළ යුතුය. මෙහි දෙපාර්ශවය විසින් කොන්ත්‍රාත්තුව අවලංගු කළ හැකි කොන්දේසි ද අන්තර්ගත කර ඇත. සමහරක් කොන්දේසි  මත කොන්ත්‍රාත්තුව අවසන් වීමත් සමඟම සේවකයා අලාභ සහ පාඩු සම්බන්ධ වගකීම් වලින් ආරක්‍ෂා කොට ඇත. අමානුෂ්‍ය සැලකීම් පදනම්ව සේවකයෙකු හට පෙර දැනුම්දීමකින් තොරව තම කොන්ත්‍රාත්තුව අවලංගු කළ හැක.

1994 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (සංශෝධන) පනත් අංක. 04 

මෙම සංශෝධන පනත මගින් රැකියාවේ වර්ගීකරණය අනුව රැකියා සඳහා බඳවාගැනීම උදෙසා ගෙවිය යුතු වෙනස් වූ ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. ගෙවන ලද ගාස්තු නැවත බෙදාගැනීමේ අනුපාත මතු දැක්වෙයි. බලපත්‍ර නිකුත් කරන්නා (70%) ක් සුභ සාධක අරමුදල (10%) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (20%) ක් වන ලෙසට නියෝග දක්වා ඇත. මූලික පනතට පටහැනිව කටයුතු කිරීමේ වරදට පැනවෙන දඩමුදල් ඉහළ නංවා ඇති අතර, සම්බාධක පැනවීමට ඇති හැකියාව ඇතුළත් කොට ඇත.

2008 

ජාතික සංක්‍රමික කම්කරු ප්‍රතිපත්තිය

මෙම ප්‍රතිපත්තිය වසර 2008 දී හඳුන්වා දුන් නමුදු ක්‍රියාත්මක වූයේ වසර 2009 පටන්ය. මෙමගින් සියලු කාන්තාවන්ට හා පිරිමින්ට සංක්‍රමික ශ්‍රමිකයන් ලෙස විදෙස් රටවල නිදහස, ආත්ම ගරුත්වය, ආරක්‍ෂාව හා සමානත්වය පවතින වාතාවරණයක් තුලදී ශිෂ්‍ය සම්පන්න, ඵලදායි රැකියා කිරීමට ඇති අවස්ථා ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ඇත. මෙම ප්‍රතිපත්තිය සංක්‍රමික ශ්‍රමිකයන් ශ්‍රී ලංකා ආර්ථිකයට කරන සුවිශේෂි දායකත්වය පිළිගැනීමට ලක්කරන අතර, ඔවුන් මෙරටට එවන මුදල් හා ලබාදෙන වෙනත් ප්‍රතිලාභ හඳුන්වා දෙයි. මෙම ප්‍රතිපත්තිය හඳුන්වාදීමත් සමඟ බොහෝ නව ක්‍රම විධි, උපදෙස්, පුහුණු කටයුතු සහ ලේඛන මගින් මෙහි පූර්ණ අනුගතවීම සඳහා කටයුතු සැළසිනි. උදා: ලෙස සියලු සංක්‍රමික ශ්‍රමිකයන්ගේ දුක් ගැනවිලි හා පැමිණිලි පිළිබඳව අනුගමනය කළ යුතු විධිමත් ක්‍රමවේදය දැක්වෙන ක්‍රියාපටිපාටිය එළිදැක්වීම වසර 2013 දී සිදුවුණි. මෙමගින් ශ්‍රී ලංකා විදේශ සේවය මගින් ඒ ඒ රටවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා සලසා ඇති විවිධ වූ සේවාවන් ගැන තොරතුරු දක්වා ඇත.

2009 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (සංශෝධනය) පනත අංක. 59 

මෙම සංශෝධන පනත මගින් ශ්‍රී ලංකාවේ විදේශ සේවා කාර්යාංශ පනත (මුල් පනත) ට විවිධාකාර සංශෝධන හඳුන්වාදෙන ලදි. එම සංශෝධන සමහරක් බලපත්‍ර සහ ඒවා සඳහා කළයුතු ගෙවීම් සම්බන්ධව වේ. 

2012

ශ්‍රී ලංකා ජාතික සංක්‍රමණික සෞඛ්‍ය පනත.

ශ්‍රී ලංකා ජාතික සංක්‍රමණික සෞඛ්‍ය පනත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුන්වාදුන් අතර, මෙමගින් සංක්‍රමණිකයින්, (ආගමනය වන විගමනය වන හා අභ්‍යන්තරව සංක්‍රමණය වන) හා ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය තත්ත්වය වඩා උසස් මට්ටමට ගෙනඒම අරමුණු කොට ඇත්තේය.

 

මුලාශ්‍රය: නැට්ලෙක්ස්, ශ්‍රී ලංකා ජනරජයේ සෞඛ්‍ය අමාත්‍යංශය